502. එක් වී බැඳී සිත් සතන්
පුන ගැයුම :
එක් වී බැඳී සිත් සතන්
අපි දෙව් අබියසයේ
තුති දී ගයන්න ගෞරවයෙන්
යමු මැදුරට දෙවිඳුන්
දෙස ද බස ද කුමක් වුවත්
අපි දෙව් දරුවෝ වෙම්
දෙවිඳුන් ප්‍රේමේ බෙදාගෙනා
දෙවිඳු අනුව යන්නෙම්
දුක ද සැප ද හිමි වුවත්
අප සිත් වෙනස් නොවේ
දේව වදන් අප හද ගැඹුරේ
නොගිලිහි සදා රැඳේ
වෛර භේද දුරු කරලන්
අප පුදසුන හමුවේ
එක්ව හඬින් දෙවිඳු වැණුම්
ගයමු සැවොම බැතියෙන්