dewa mathawanta kapa kala dewmaduru

දේවමාතා විරුදාවලීන්ට කැපකළ දෙව්මැදුරු

|

මෙරට කතෝලික දේවස්ථාන අතරින් අති බහුතරය කැපකොට ඇත්තේ දේවමාතාවන්ටය. සාන්ත සභාව ඕතොමන් සම්බන්ධයෙන් වේද සත්‍යතා හතරක් නිල වශයෙන් සම්මත කර ඇත.

දේවමාතාවන් තම රටට ගමට අනුරූප කර ගැනීම සෑම දේශයකම පාහේ දැකිය හැකි අතර ඒ අනුව ඕතොමන්ගේ බාහිර පෙනුම පවා ඒ ඒ දේශයේ ස්වභාවය ගන්නා ලෙස නිර්මාණය වන බව අපට පෙනේ.

පෘතුගීසි යුගයේ පවා මෙරට “සිංහලයින්ගේ අප ස්වාමිදූ” නමින් කැපකළ දෙව්මැදුරක් තිබූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.

ඒ අනුව යමින් දේවමාතාවන් ලංකාද්වීපයේම ආරක්ෂිකාව ලෙස සලකා ලංකාවේ අප ස්වාමිදූ ලෙස පසුකාලීනව නම් කෙරිණි.

එම වේද සත්‍යතා මත ගොඩනැගෙන මරියාවන්ගේ සුවිශේෂී නාමයන්ට කැපකළ දෙව්මැදුරු කීපයක් මෙසේ දැක්විය හැක

දේශීයකරණය වූ දේවමාතා විරුදාවලීන්ට කැපකළ දෙව්මැදුරු

එවන් දේශීයකරණය වූ දේවමාතා විරුදාවලීන්ට කැපකළ දෙව්මැදුරු කීපයක් මෙසේය.

  1. ලංකාවේ අප ස්වාමිදූ – තේවත්ත (බැසිලිකාව) , පොතුවිල්ලුව , මැදිරිගිරිය
  2. මඩු මෑණියන් – මඩු සිද්ධස්ථානය, සුදුවැල්ල(තුඩැල්ල ), කටුලන්ද (මඩම්පැල්ල), මොරොත්ත (මැල්සිරිපුර), උඩයන්දලුව, කරුක්කුමඩු, මැල්කොලනිය, එන්සල්වත්ත (දෙනියාය)., මාදුරුඔය, සිරිමාපුර (කලාඔය), මදුරගම (පුත්තලම ), විරන්තිවු (කුච්චවේලි), වරෝදයනගර් (උප්පුවේලි), කොස්හේන (කුලියාපිටිය)
  3. මහවැලි මාතාවන් – ලත්පදුර (දෙහිඅත්තකණ්ඩිය මහවැලි සී කලාපය)
  4. මුතුරාජවෙල අප ස්වාමිදූ – නිල්සිරිගම (බෝපිටිය)
ලංකාවේ අප ස්වාමිදූ - තේවත්ත (බැසිලිකාව)
ලංකාවේ අප ස්වාමිදූ – තේවත්ත (බැසිලිකාව)
මහවැලි මාතාවන් - ලත්පදුර (දෙහිඅත්තකණ්ඩිය මහවැලි සී කලාපය)
මහවැලි මාතාවන් – ලත්පදුර (දෙහිඅත්තකණ්ඩිය මහවැලි සී කලාපය)

මඩු මෑණියන් යනු ජපමාල රාජේශ්වරිය ලෙසද හදුනා ගැනෙතත් මෙම දෙව්මැදුරු කැපකර ඇත්තේ මඩු මාතාව යන නමින්ම බව පෙනේ.

“කුඩාමඩු” යන නමින්ද ප්‍රචලිත මේවයේ මංගල්ලයන්ද ජූලි 2 දාට යෙදෙන මඩු මංගල්ලය හා අනුරූප වේ.

මීට අමතරව මාතර අප ස්වාමිදූ දෙව්මැදුරද (ජයලත් අප ස්වාමිදූ ) කෝට්ටේ අප ස්වාමිදූ , කොටහේනේ අප ස්වාමිදූ ආදී දේවමාතා පිළිරූ ද නම්කර ඇති බව පෙනේ.

මේ සමහර නාමයන් ඉතා හුරුපුරුදු බහුලව හමුවන ඒවා වුවත් අනෙක්වා ඉතා විරල, විටෙක ලංකාවටම එකයි ගණයේ ඒවා වේ.

  1. සදාසරණ දේවමාතාවන් – බලගල, බක්මීගොල්ල, පදවිය, කඩයමොට්ටයි, මහවැව, රම්බෙපිටිය, මැදවත්‍ත, විජයකටුපොත, පරකඩුව, කරපින්ච, මාදෙල්ගමුව, ශාන්තිපුර (නුවරඑළිය), කන්දෙටිය, ගාලවත්ත, තට්ටක්කයිකුලම්, අයිතියමලෙයි, සහයපුරම්, ගංතලාව, අම්බුවාලිපුරම්, විලච්චිය, කාගම, මඩකලපුව
  2. නිර්මල හෘදය – පොල්වත්ත (මිනුවන්ගොඩ ), බණ්ඩිගොඩ (ජාඇල )
  3. සුබ ගමනේ අප ස්වාමිදූ (සින්දාත්‍රි මාතාව) – දූව (මීගමුව ), චඩ්ඩි (කයිට්ස්), සින්දාත්‍රිය (වයික්කාල), කල්පිටිය, මට්ටකොටුව, අරිප්පු , පෙරියපාඩුව, නාවක්කාඩු, සලපයියාරු (කුච්චුවේලි), මල්වත්ත කොළඹ (VI පාවුළු මධ්‍යස්ථානය)
  4. ජයලත් අප ස්වාමිදූ – මාතර, පේසාලෙ, මාවිල
  5. තුෂාරයේ අප ස්වාමිදූ – පෙරියමුල්ල
  6. මිදීමේ අප ස්වාමිදූ – මතුගම
  7. සැනසිලිදායක දේවමාතාවන් – ගණේමුල්ල
  8. දයා අකම්පාල දේවමාතාවන් – සීදුව
  9. දිව්‍ය සත්ප්‍රසාදයේ අප ස්වාමිදූ – අවිස්සාවේල්ල
  10. දිව්‍ය හෘදයේ අප ස්වාමිදූ – හාල්දඩුවන
  11. ඔස්ට්‍රබ්‍රාමා දේවමාතාවන් – අම්පිටිය
  12. සකල ජාතින්ගේ මාතාව (Mother of All Nations) – පනිච්චයියඩි
  13. විශ්වයේ මාතාව (Mother of Universe) – උඩුවේරිය (මහව )
  14. ඝණ්ඨික මාතා (Undoer of knots) – හල්පාතොට (දේවධර්ම නිකේතනය)
  15. කදුලේ අප සවාමිදූ – හෙණ්ඩියගල
තුෂාරයේ අප ස්වාමිදූ - පෙරියමුල්ල
තුෂාරයේ අප ස්වාමිදූ – පෙරියමුල්ල

දේවමාතා දර්ශනයන් මුල් කරගෙන ගොඩනැගුනු ලංකාවේ දෙව්මැදුරු

දේවමාතාවන් විටින් විට මෙලොව පෙනී සිටින බව කිතුනු අපට නොරහසකි. දේවමාතා දර්ශනය වීම් ලෙස හදුන්වනු ලබන එවායින් සමහරක් ඉතා පසිදු වේ.

එම දර්ශනය වීම් මෙන්ම ඒ අනුව බිහිවන දේවමාතා නාමයන් පවා බොහෝදුරට සැකසෙන්නේ අදාළ ගම්මානයේ හෝ නගරයේ නමිනි.

එවන් දේවමාතා නාමයන්ට කැපකළ දෙව්මැදුරු රාශියක් ලක්දිව පුරා විසිරී ඇත. මේ ඊට නිදසුන් කීපයකි

  1. ලූර්දුවේ අප ස්වාමිදූ (Our Lady of Lourdes)- කිඹුලපිටිය , රද්දොළුගම, තේවත්ත,කලාඔය, නාත්තන්ඩිය, පොල්ගහවෙල, කුඩාගම, හල්පාතොට, නාවත්කුඩා, පාලයුතු, පංකුලාව, ලුණුගල, හැතමැත්ත, සින්නපාඩුව, බෝගමුව, කල්ලඩි, කොලින්ජාඩිය,දම්පේ, දික් හැතැක්ම , යකඩපත, මඩකලපුව, මාන්තෙයි, මුදලයිකුත්ති, හදුරුක්කන්ද, ග්ලෙනනෝර්වත්ත, කිල්ලිවෙඩ්ඩි, කහටගස්දිගිලිය, පෙරියපුලම්
  2. පාතිමාවේ අප ස්වාමිදූ ( Our Lady of Fatima) – මරදාන, බත්තරමුල්ල, දිප්පිටිගොඩ, වැලිකුරුදුවත්ත, කුට්ටිදූව,පින්කට්ටිය, තම්පලගාමම්, ඉගිනියාගල, මල්කඩුවාව, මුදුකටුව, තබ්බෝව , පඩිවත්ත, පන්ඩතරිප්පු,පින්කට්ටිය, කල්පිටිය , මැදගම, පාතිමාපුරම් (තාලන්කුඩා)
  3. කාර්මෙල් සළුධාතු දේවමාතාවන් Our Lady of Mount Carmel – හලාවත , වැල්ලපල්ලිය, බටේපොල, අලවක්කෙයි, බුළුපිටිය, කඩවලගෙදර, ඉරණවිල , මීගහතැන්න, පරප්පන්කන්ඩාල්
  4. ගුවාඩුලූපේ අප ස්වාමිදූ (Our Lady of Guadulupe ) – සින්නකඩෙයි (ත්‍රිකුණාමලය) , කරිකට්ටිය,නාගවිල්ලුව, කුරණ
  5. වේලන්කන්නි දේවමාතාවන් ( our Lady of Velankanni ) – නායබැද්ද , තිල්ලඩිය (පුත්තලම) , කොළඹ 13, සාලියන්කුලම (වයික්කාල ), නක්කලිය, කුරක්කන්හේන, උට්චුමුනි, කරාඩුව, ගල්මල්පදුර., කල්කුඩා , ලංකාපටුන, ගෝපාලපුරම්, පල්ලතෝට්ටම්, පුල්මුඩේ, සම්පල්තිවු, තාලන්කුඩා, හුන්නස්ගිරිය, මූට්ටුව, පල්ලිමුනේ, වන්කාලෙයි, අඩම්පන්.
  6. දිළිඳුන්ගේ අප ස්වාමිදූ (Our Lady of Banneux) – සිරිගම්පොළ, පොල්ගහවත්ත (බොල්ලත), සියඹලාපේ.
ගුවාඩුලූපේ අප ස්වාමිදූ (Our Lady of Guadulupe ) - සින්නකඩෙයි (ත්‍රිකුණාමලය )
ගුවාඩුලූපේ අප ස්වාමිදූ (Our Lady of Guadulupe ) – සින්නකඩෙයි (ත්‍රිකුණාමලය )

දේවමාතා ප්‍රාර්ථනාව මුල්කරගෙන ගොඩනැගුනු සිරිලක දෙව්මැදුරු

දේවමාතාවන් හදුන්වනු ලබන විරුදාවලීන් ගණන මෙතෙකැයි කිව නොහැකි තරම් ය. දේවමාතා ප්‍රාර්ථනාවේ එවන් නාමයන් රැසක් අපට හමුවේ. ලක් දෙරණේ එම නාමයන්ට කැපකළ දෙව්මැදුරු බොහෝ ඇත.

මේ එවන් උදාහරණ කීපයකි.

(සැ.යු. මෙහි සියලු දෙව්මැදුරු සදහන් නොවන බව කරුණාවෙන් සලකන්න. මීට පෙර අවධානය දුන් ඒවා හැර ඉදිරිපත් කරන මෙහිද අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරැදි කරන්න.)

  1. ආශ්චර්ය යුක්තවූ මාතාව – මහවීදිය (මීගමුව) , හපුගොඩ (මහවීදිය අතීතයේ අද්භූත දේවමාතාවන් නමින්ද හදුන්වා ඇත )
  2. යහපත් අනුශාසනා දායකවූ මාතාව – වඩුමුල්ල (කමරගොඩ මීසම )
  3. පරමඥාන ආසනය – පේරාදෙණිය විශ්ව විද්‍යාල දෙව්මැදුර
  4. රෝගීන්ගේ ආරෝග්‍යය – මාබෝල, සේදවත්ත , හබරණ , අක්කරෙයිපත්තු, පතැගිගොඩැල්ල, අන්ජනන්තල්වු, ඉලන්තිඅඩිය, බැදිවැව (පොලොන්නරුව), කරව්වැව, අන්දන්කුලම්, මන්නාරම , මන්නාරම මහ රෝහල
  5. පව්කාරයින්ගේ අඩක්කලම (අඩක්කල දේවමාතාවන් ) – තුඩැල්ල , වයික්කාල, යාපනය (4 හරස් වීදිය) , අන්නයිකොඩ්ඩයි, කටුපොත, පුත්තලම , එලුතූර් , මාවිලන්කර්නි
  6. ක්‍රිස්‍තියානින්ගේ පිහිට – සැලේසියානු ආරාමය- ඒත්තුකාල (මීගමුව )
  7. සුරතාවයින්ගේ රාජේශ්වරිය- රාවතාවත්ත (මොරටුව )
  8. වේදසාක්ෂිවරයන්ගේ රාජේශ්වරිය- තොට්ටවේලි (මන්නාරම ) මන්නාරම් ප්‍රාණපරිත්‍යාගීන්ගේ පුදබිම
  9. අපෝස්තුලුවරයින්ගේ රාජේශ්වරිය- සිරිගල (දඹදෙණිය )
  10. ශුද්ධවූ ජපමාල රාජේශ්වරිය- ගාල්ල , බදුල්ල, ආඩිඅම්බලම , දෙහියාගාත, බණ්ඩිරිප්පුව, බඩල්ගම , හේවාදිවෙල , කොලුම්බුතුරෙයි, රාගල, බගවන්තලාව, අගුණවිල, පළුගස්දමන, කුමාරකට්ටුව, මාම්පුරි, කොට්ටුකච්චි, මහයියාව, යටියන්තොට, ඉරණතිවු, පලයාඩිපුතුකුලම්, වල්පිටගම, කුඹුරුපිට්ටි, බණ්ඩාරවත්ත, සින්නමඩු, උඩුවිල්.
  11. සමාදානයේ රාජේශ්වරිය- මාලිගාවත්ත , මුංහේන (මග්ගොන ), කප්පල්තුරෙයි (ත්‍රිකුණාමලය), හේනෙගෙදර (කට්‍ටිමහන)
පව්කාරයින්ගේ අඩක්කලම (අඩක්කල දේවමාතාවන් ) - තුඩැල්ල
පව්කාරයින්ගේ අඩක්කලම (අඩක්කල දේවමාතාවන් ) – තුඩැල්ල
ආශ්චර්ය යුක්තවූ මාතාව - මහවීදිය (මීගමුව)
ආශ්චර්ය යුක්තවූ මාතාව – මහවීදිය (මීගමුව)

දේව මාතාවන්ගේ විවිධ ජීවිත අවස්ථා මුල්කරගෙන ගොඩනැගුනු සිරිලක දෙව්මැදුරු

දේවමාතාවන් ගේ ජීවිතයේ විවිධ අවස්ථා , එතුමිය මුහුණ දුන් අත්දැකීම් හා තත්ත්වයන් මත එතුමිය හැදින්වීමට විවිධ නම් යෙදේ.

එවැනි නාමයන් වලට කැපකළ දෙව්මැදුරු රැසක් සිරි ලක සෑම රදගුරු පදවියකම පාහේ දැකිය හැක. මේ එවන් නිදසුන් කීපයකි,

  1. උත්පත්ති දේවමාතාවන් – කටුකුරුන්ද (මොරටුව ), කැලණිය ( පෑලියගොඩ ), උස්වැටකෙයියාව, වැලිවිට, කලහුගොඩ, කලමුල්ල , කෑගල්ල
  2. බැහැදැකීමේ අප ස්වාමිදූ – පූගොඩ
  3. ගර්භවාස දේවමාතාවන් – ඇල්දෙණිය (කඩවත ) , මෝදර (කොළඹ 15), පල්ලන්සේන
  4. කානික්ක දේවමාතාවන් – බෝලවලාන , පිටිපන , නායකකන්ද ,දෙහිවල , මාරවිල , කන්දතොඩුවාව, නිරිපොළ , තන්ඩවන්වේලි, තුල්ලුකුඩිරිප්පු (පේසාලේ)
  5. විකශෝප දේවමාතාවන් – ජාඇල , පල්ලන්සේන , හම්බන්තොට , පානදුර , කදවල, අලුත් හෙට්ටිවීදිය , කලුඅග්ගල , ඉලිප්පදෙණිය, නයිනමඩම, මාවතගම
  6. සුබ මරණයේ අප ස්වාමිදූ (බොනමොටේ )- බෙල්මන්ට් වීදිය (කොළඹ 12). මෙම නමින් ඇති එකම දෙව්මැදුර බොහෝදුරට මෙය පමණකි. එහි දේවමාතාවන්ගේ සුබ මරණය පෙන්වන පැරණි පිළිමයක් දැකිය හැක.
  7. කන්‍ය ශුද්ධ දේවමාතාවන් – පිටිපන වීදිය දෙව්මැදුර
  8. නිර්මල පිළිසිඳගැනීම (නිර්දෝෂ දේවමාතාවන් )- මග්ගොන ,සීදුව, තඹරවිල , යට්ටෝවිට, මට්ටක්කුලිය , බලපිටිය , පොළොන්නරුව,දුම්මලකොටුව, නිවන්දම, මගුල්පොකුණ , කුඩාගම (තලාව)
  9. ස්වර්ගාරෝපණය( ස්වර්ගාරෝපිත රාජේශ්වරිය) – යාපනය , කුඩාපයාගල, කයිට්ස් , බෝලවත්ත , මින්නේරිය , තන්ජන්තැන්න, මහරගම, රත්මලාන , පුලොප්පලෙයි, පරප්පන්කන්දල්, ත්‍රිකුණාමලය, හංවැල්ල , මඩකලපුව, කෝපායි, තුම්පලාලි, කිලාලෙයි, පුනරින්, මුලන්කාවිල්, නාවක්කාඩු, මුල්ලිකුලම්.

මග්ගොන දෙව්මැදුර විශේෂ වන්නේ එය නිර්දෝෂ දේවමාතාවන් නමින් ආසියාවේ කැපකළ පළමු දෙව්මැදුර වන නිසාය. එම වේද සත්‍යතාව ප්‍රකාශ කළ කාලවකවානුවේදී ම මෙම දෙව්මැදුර ඉදි වී ඇත.

ගාල්ල රදගුරු වසමේ හම්බන්තොට වික්ෂෝප මාතා දේවස්ථානය
ගාල්ල රදගුරු වසමේ හම්බන්තොට වික්ෂෝප මාතා දේවස්ථානය
කානික්ක දේවමාතාවන් - බෝලවලාන
කානික්ක දේවමාතාවන් – බෝලවලාන
ගාල්ල රදගුරු වසමේ හම්බන්තොට වික්ෂෝප මාතා දේවස්ථානය
ගාල්ල රදගුරු වසමේ හම්බන්තොට වික්ෂෝප මාතා දේවස්ථානය
නිර්මල පිළිසිඳගැනීම (නිර්දෝෂ දේවමාතාවන් )- මග්ගොන
නිර්මල පිළිසිඳගැනීම (නිර්දෝෂ දේවමාතාවන් )- මග්ගොන

මේ සමහර නාමයන් බිහිවී ඇත්තේ ඕතොමන්ගේ ප්‍රකට සිතුවම් මුල්කරගෙනය. මෙවන් විරුදාවලීන් ඉදිරියටත් ඇතිවනවා නොඅනුමානය.

(මෙම නාමයන්ට කැපකළ දෙව්මැදුරු තව බොහෝමයක් තිබෙන අතර මේ කීපයක් පමණක් බව සලකන්න.)

මේ හා සම්බන්ධ වෙනත් ලිපි