සමිඳුන් පුදන්න තුති ගී ගයන්න
නගන්න පියමං මැදුර කරා //
සමිදෝ අප ආලෝකේ – එතුමෝ අප ආධාරේ
වීණා වයලා – ගී හඬ නගලා
පසසමු එතුමගේ තෙද මහිමේ
සුදු පිලි ඇඳ සැරසීලා – රන් රිදියෙන් ඔප වීලා
සමගි වඩවලා – භේද දුරැරලා
පසසමු එතුමගේ තෙද මහිමේ
කුල මල නැහැ සලකන්නේ – සැවොම දරුවෝ එතුමන්ගේ
සාමය බෙදලා – දරුකම වඩලා
පසසමු එතුමගේ තෙද මහිමේ
දුප්පත් පොහොසත් වාදේ – ඉදිරියෙ නැහැ එතුමන්ගේ
සැවොම එකා මෙන් – එකමුතු වී අපි
පසසමු එතුමන්ගේ තෙද මහිමේ
සුවඳ දුමින් ඔසවන්නේ – පැසසුම් වේ අප සැමගේ
මිහිරි හඬ නගා – සුපිරි හද පුරා
පසසමු එතුමගේ තෙද මහිමේ