සාන්ත ආනා දේව මැදුර – කුරුණෑගල
අද අපි කතා කරන්නේ පූජනීය වන්දනාස්ථානයක් වන කුරුණෑගල සාන්ත ආනා දේව මැදුර ගැනයි.
සාන්ත ආනා දේව මැදුර – කුරුණෑගල ඉතිහාසය
කුරුණෑගල සාන්ත ආනා දෙව්මැදුර මීසමක් වශයෙන් ප්‍රකාශ වී, 2023 වන විට වසර 162 ක් පමන වෙනවා. මෙම දේවස්ථාන ඉතිහාසයේ සටහන් වූවද, ඊට ඈදුනු යටගියාව තවත් බොහෝ ඈතට විහිදි යන බැව්, මූලාශ්‍ර වලින් හගවයි.
මූලාශ
- මහනුවර බෞතිස්ම හා විවාහ ලේඛන අනුව ක්‍රි:ව: 1823 වන විට සම්කිසි තැනක කතෝලික දේවස්ථානයක් තිබුණ බව පෙනේ.
- ක්‍රි:ව: 1840 දී ඔරිතෝරියන් පූජා ප්රසාදීවරැන් මෙම වසම් වලට පත්කිරීමේ ලේඛන වලද කුරුණෑගල යම් තැනක දේවස්ථානයක් තිබූ බව පැහැදිලි වේ.
- ක්‍රි:ව: 1843 දී ජේම්ස් සෙල්කර්ක් දේවගැතිවරයා විසින් රොමයට යවන ලද හසුනක් අනුවද කුරුණෑගල ඒ වනවිට රෝමානු කතෝලික දේවස්ථානයක් තිබූ බව සදහන් වේ.
- ක්‍රි:ව: 1844 දී ඔර්තෝරියානු පියතුමන්ලා විසින්, රෝමයට යවන ලද වාර්තා සටහනකද කුරුණෑගල දේවස්ථනය පිලිබද සටහන් වන අතර, එම දේවස්ථානය සාන්ත ආනා මුනිවරියට කැප කරන ලද්දක් බව වැඩි දුරටත් සදහන් වේ.
- කුරුණෑගල දේවස්ථනයට අයිති ඔප්පුව 1854 අගෝස්තු මස 07 දා, ලියන ලද්දකි. ගාබ්‍රියෙල් කාසිසෙට්ටි නැමැති අයෙකු විසින්, අති උතුම් කයිකානෝ අන්තෝනියෝ දකුණු පදවියේ පුතිරාජගුරු තුමාණන්ට තෑගි ඔප්පුවකින් එම බිම පවරා දී ඇති බව ප්‍රකාශ වේ. “සාන්ත ආනා මෑණියන්ගේ නාමයෙන් සාදාගත් පල්ලියට පූජා කළේ යැ” යි එම ඔප්පුවේ ලියා ඇති බව සදහන් වේ..
ඉහත සදහන් මූලාශ්‍ර අනුව පැහැදිලි වන්නේ, 1861 ට පෙර අවම වශයෙන් වසර 40 කට පෙර පටන් කුරුණෑගල, දේවස්ථානයක් පැවති බවයි.
නමුත් මෙම වකවානුව තුල කුරුණෑගල දේවස්ථනයේ නිවාසික පියතුමන්ලා වැඩ සිටිය බවට සදහනක් නැත. ආගමික වතාවත් සදහා මහනුවරින් ඔරතෝරියානු පිවරුන් පැමිණ පවත්වා ඇත.
කුරුණෑගල මීසමක් ලෙස
කුරුණෑගල අළුත් මීසමක් ලෙස 1861 දී පත් කරනු ලැබූ අතර, පළමු මීසම් පාලක පියතුමන් වශයෙන් ගරු ප්‍රැන්සිස් සාවියර් පූජා ප්‍රසාදින් වහන්සේ සිට ඇති අතර, උන්වහන්සේ විශාල සේවාවක් මෙම ප්‍රදේශය පුරා දියත් කර ඇත.
- 1867 අප්‍රේල් 13 දින විවාහ මංගල්‍යයන් සදහා කුරුණෑගල දේවස්ථානය ලියාපදිංචිය සිදු වී ඇත.
- 1869 දි කුරුණෑගල සාන්ත ආනා දේවස්ථානයේ මංගල්‍යය ඉතා උත්සවාකාරයෙන් සිදු වී ඇත.
- වසර 47 ක් හලාවත පදවියට යටත්ව තිබූ, වයඹ පළාත දෙකට බෙදා කුරුණෑගල පදවියක් ලෙස වෙනම රාජගුරු වසමක් බවට, පත්වූයෙන් කුරුණෑගල සාන්ත ආනා දෙව්මැදුර “සාන්ත ආනා ආසන දෙව්මැදුර” වශයෙන් ඔසවා තැබුණි.
- 1987 ජුලි 18 වන දින අති උතුම් රේමන්ඩ් පීරිස් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අභිසේක ලබා කුරුණෑගල පදවිය නවෝදය කරා යොමු විය.
- ප්‍රථම මීසම් පාලක පියතුමා වූයේ, ගරු ජෝශප් තිසේරා පියතුමාය. නව පදවි අනු නායක වූයේද එතුමාමය.
ඉතින් ඔබත් ශා.ආනා මැණියන්ගේ පිහිට පතා කුරුණෑගල ගියොත් මේ දේවස්ථානයට යන්න අමතක කරන්න එපා.