12 බිංදු බිංදු සිරි වැහි පොද

|

පුන ගැයුම :
බිංදු බිංදු සිරි වැහි පොද  –  හිරු රැස් අතරින් හැලෙමින
දෙව් ආසිරි ගංගාවන් හා එක්වෙනවා
ගිරි කඳුවැටි මුව සිපගෙන – මල් සුවඳක් එක්කර ගෙන
දෙව් ආසිරි සුළං රොදක් ඈත හමනවෝ
ඈත හමනවෝ

අලුත් ලොවක් සොයා  –  නව දිවියක් කරා  //
ඔබ තබනා පියවර යට  –  දහසක් මල් පිපේවා
දහසක් මල් පිපේවා

දුකක් නොම වෙවා  –  සැපක්ම වේවා
බාධක සැම ජය ගන්නට  –  දෙව් ආසිරි ලැබේවා
දෙව් ආසිරි ලැබේවා

ජයෙන් ජය වෙවා  –  සුවෙන් සුව වෙවා  //
මංගල ආසිරි ලබමින  –  ඔබ සැම නිති සැරදෙවා
ඔබ සැම නිති සැරදෙවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි