1. අන් අයගේ වටිනාකම නිවැරදිව හඳුනාගෙන තම නායකත්වය ඔවුන් වෙනුවෙන් ආයෝජනය කරයි
- හොද නායකයා නිරන්තරයෙන් අන් අය නායකත්වයට පුහුණු කිරීම තමන්ගේ රාජකාරියක් ලෙස දකී
- තම අත්දැකීම්, හොඳ නරක, අඩුපාඩු ඔවුන් අතරේ බෙදා ගනී
- එමගින් අන් අය නායකත්වයට පුහුණු කරයි
- ජේසුස් වහන්සේද තම දූත කාර්යය කිරීමට තම ගෝලයන් හා ශ්‍රාවකයන් නිරන්තරයෙන් පුහුණු කළේය
2. තම කණ්ඩායම සමඟ නිරන්තරයෙන් සියලු තොරතුරු බෙදා ගනියි
- සමහර නායකයින් සියලු තොරතුරු අනෙක් අයට ලබා නොදේ.
- එසේ කරන්නේ තමන් පමණක් තොරතුරු දැන සිටීම මගින් තමන් හට අන් අය පාලනය කිරීම පහසු නිසාය
- නමුත් සියලු තොරතුරු සෑම දෙනාම දැන සිටීම කණ්ඩායමේ නිවරදිභාවයටත්, වැඩි දියුණුවටත් එය නායකයාට සෘජුවම බලපාන බව යහපත් නායකයා දැන සිටී.
- ජේසුස් වහන්සේද උන්වහන්සේ දන්නා දේ තම ගෝලයන්ට නිරන්තරයෙන් කියා දුන්නේය. තම ගෝලයන්ගේ ප්‍රශ්ණ ගැටළු වලට නිසි පිළිතුරු ලබා දුන්නේය
3. යහපත් නායකයා නිරන්තරයෙන් ආදර්ශමත් විය යුතුයි
- මෙලොව සර්ව සම්පූර්ණ මිනිසුන් නැත
- නමුත් නායකයෙකු නිතරම සාමාන්‍ය චරිතයකට වඩා සෑම අතින්ම ඉහලින් සිටිය යුතු පුද්ගලයෙකි
- නායකයාගේ චරිත ලක්ෂණ අන් අය අතරේ කිසිවිටක ප්‍රශ්නාර්ථයක් ඉතිරි නොකළ යුතුය
- නායකයා ආයාසයෙන්ම නිතර විවේචනයට ලක්වන අයෙකි
- එමනිසා කිතුනු නායකයා නිරන්තරයෙන් ජේසුස් වහන්සේ මෙන් සිතින්, වචනයෙන් සහ ක්‍රියාවෙන් අන් අයට ආදර්ශයක් විය යුතුය
4. යහපත් නායකයා තමන්ගේ සම්පත් සියල්ල අන් අයගේ යහපත සඳහා යොදවයි
- නායකයා යනු බොහෝ පුද්ගල සබඳතා ඇති අයෙකි. සමාජයේ බොහෝ දෙනා හඳුනයි.
- සමහර නායකයින් එම සබඳතා තමන්ගේ අනාගත අවශ්‍යතා සඳහා සුරක්ෂිතව තබා ගනී. අන් යට එම සම්පත් හඳුනා නොදේ.
- නමුත් යහපත් නායකයා එම සම්පත් තමන්ගේ අභිවෘද්ධියට යොදා ගන්නා අතරම අනෙක් අයගේ අභිවෘද්ධිය සඳහා එම සම්පත් යොදවයි.
- එය ජේසුස් වහන්සේ ඇති අයගෙන් රැගෙන නැති අය සමඟ බෙදා ගෙන සැමගේ අභිවෘද්ධිය තකා ක්‍රියා කලාක් මෙන් අපද ක්‍රියා කිරීමකි.
5. යහපත් නායකයා දක්ෂය, තීක්ෂණ නුවනින් යුතුය
- කිතුනු නායකයෙකු සතුවිය යුතුම ලක්ෂණයකි.
- වර්තමාන කිතුනු නායකයාට තීක්ෂණ බුද්ධියක් තිබිය යුත්තේ යහපත අයහපත, හරි වැරැද්ද නිවැරිදිව හඳුනා ගැනීමට ය.
- එසේ වීම වැදගත් වන්නේ අහයපතේදී ඊට එරෙහි වීමත්, වැරද්දේදී එය පෙන්වා දීමත් කිතුනු නායකයෙකුගේ යහපත් ගුණාංගයක් වන නිසාය
- ජේසුස් වහන්සේ නිරන්තරයෙන් අයහපත ප්‍රතික්ෂේප කළ අතර වැරැද්ද හෙලා දුටුවේය.
6. අන් අයගේ සාර්ථකත්වය ගැන බිය නොවේ
- යම් අවස්ථා වලදී තම අනුගාමිකයන් තමන් අභිබවා යන බව යහපත් නායකයින් අවබෝධ කර ගනියි.
- ඒ පිළිබඳව ඊර්ෂියා නොවේ. ඔවුන් සමඟ අමනාප නොවේ. එය තමාට තර්ජනයක් සේ නොදකියි
- ඔවුන්ගේ සාර්ථකත්වය තමන් සමඟ බෙදාගෙන එහි ප්‍රීතිය සැමරීමට කැමැත්තක් දක්වයි.
- ජේසුස් වහන්සේ නිතර පවසන්නේ අන් අයගේ සාර්ථකත්වය පිළිබඳ අප සතුටු විය යුතු බවයි. එතුමාණෝ බෞතිස්ම ස්නාපනය ලැබීම සඳහා ස්නාවක ජුවාම් තුමා වෙත ගියේ තමන්ගේ තත්ත්වය ගැන පවා නොසිතාය.
7. කිසිවක් ආපසු ලැබීමේ බලාපොරොත්තුවෙන් සේවය නොකරයි
- යහපත් කිතුනු නායකයා සේවය කරන්නේ මුළු හදවතින්මය
- ඔවුන් මුළු සිතින්ම මිනිසුන්ට ආදරය කරයි, මිනිස් වටිනාකම් වලට මුල්තැන දේ.
- අන් අයගේ යහපත් වෙනුවෙන්ම පමණක් අනුන්ට සේවය කරයි
- පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් එසේ නොකරයි.
- ජේසුස් වහන්සේද කළේ එසේමය. තමන් දකුණතින් කළ දේ වමතට නොදැනෙන ලෙස කිරීමට වගබලා ගන්නයි උන්වහන්සේ අපට පවසයි. උන්වහන්සේ තම ජීවිතය අප වෙනුවෙන් පරිත්‍යාග කළේ කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ.
8. නිරන්තරයෙන් ඉගැනීමේ ක්‍රියාවලියක නියැලේ
- යහපත් නායකයින් නිරන්තරයෙන් ඉගෙනගනියි.
- එම ඉගෙනගත් දේ තම කණ්ඩායමේ යහපත් වෙනුවෙන් යොදවයි.
- කියැවීම, සාකච්චාවේ යෙදීම, සවන්දීම, ගවේෂණය කිරීම මගින් ඉගෙනගනියි.
- ජේසුස් වහන්සේ නිරන්තරයෙන් තම පියාණන්ගෙන් උගත්තේය. යාච්ඤාව මගින් තම පියාණන්ට සවන් දුන්නේය, උන්වහන්සේ සමඟ සාකච්ජාවේ යෙදුනේය.
9. යහපත් නායකයා නිරන්තරයෙන් ලඟා විය හැකි, විශ්වාස කළ හැකි පුද්ගලයෙකි
- ජේසුස් වහන්සේ නිරන්තරයෙන් තම ජනතාවට සමීපව විසූ සේක. ඕනෑම කෙනෙකුට එතුමන් අභියසට ඒමට හැකි විය.
- යහපත් කිතුනු නායකයෙකුද එසේ විය යුතුය. කෙතරම් රාජකාරි බහුල වුවද කිතුනු නායකයාගේ වගකීම විය යුත්තේ තම කණ්ඩායම හෝ ජනතාව සමඟ එකට සිටීමය.
- යහපත් නායකයා නිරන්තරයෙන් අන් අය දකින්නේ තමන්ගේ නායකත්වයේ සහ වෘත්තිමය ජීවිතයේ කෙටසක් ලෙස ලෙසය
10. දුර දක්නා නුවණින් යුතුව ක්‍රියා කරයි
- යහපත් නායකයින් නිරන්තරයෙන් අනාගතය ගැන සිතා කටයුතු කරයි.
- අන් අයගේ අනාගතයේ යහපත උදෙසා කැපවෙ.
- වර්තමානයේ ගන්නා තීරණ පුද්ගලයන්ගේ අනාගතයට බලපාන්නේ කෙසේදැයි නිතර සිතයි.
- කිසිදිනක කිසිවෙකුගේ අනාගතය අඳුරුවන ආකාරයේ තීරණ නොගනී.
- ජේසුස් වහන්සේ නිතර ක්‍රියා කළේ සැමගේ අනාගත සුබසිද්ධිය සඳහාය. සිය ගෝලයන් සැමගේ අනාගත සුබසිද්ධිය සඳහා සූදානම් කළේය.