swargaropitha mathawo

මරියාවන්ගේ මෙලොව ජීවිතය අවසානයේදී ආත්ම හා ශරීරය පිටින් එතුමියව ස්වර්ගයට කැදවා ගත් බව මරියාවන් පිළිබද කතෝලික සභාවේ ඇති විශ්වාසයේ දේව ප්‍රකාශනයන් (Dogmatic Proclamations) සතර අතර ප්‍රකාශවන සතරවන දේව ප්‍රකාශනයයි.

ජේසුගේ ස්වර්ගරෝහනයත් සමග මරියාවන්ට කුමක් සිදුවිනිද? ශුද්ධාත්ම ආගමනයේදී මරියාවන් ශ්‍රාවක සංගය සමග සේනාකුළු ශාලාවේ සිටි බව (ක්‍රියා 1:12-14) පැහැදිලිය. නමුත් ඉන්පසුව ඇයට සිදුවූ දේ පිලිබදව ශුද්ධවූ ලියවිල්ලේ කිසිවක් අපට මුණ නොගැසේ. ජේසුගේ මරණින් පසුව ඇය වසර 3 ත් 15 ත් අතර කාලයක් ශු.ජුවාම් ගෝලයා සමග ජෙරුසලමේ හෝ තුර්කියේ එෆේසස් ගමේ ජීවත්වන්නට ඇති බව සම්ප්‍රදාය තුල ගොඩ නැගී ඇති විශ්වාසයයි.

එතුමියගේ මෙලොව ජිවිතයේ අවසානය පිළිබද ප්‍රධාන වශයෙන් මතවාද දෙකක් පවතී. පෙරදිග ඔර්තොදොක්ස් කිතුණු සභාවන්හී (Eastern Orthodox Churches) කිතුණුවෝ ඇය සදාකාලික නින්දකට යොමුවූ බවද, ඒ මොහොතේදී ක්‍රිස්තුස් වහන්සේ විසින් ඇයගේ ආත්මය ස්වර්ගයට රැගෙන ගිය බවත් අවසාන විනිශ්චය පැමිණෙන තෙක් තැන්පත් කර තබනු සදහා අගේ ශරීරය සුරදුතයින් විසින් මිහිමත ඇති පරදීසයකට රැගෙන ගිය බවත් විශ්වාස කරනු ලබති.

අදටත් මරියාවන් සදාකාලික නින්දකට යොමුවූ බව පිලිබිබු කරන ප්‍රතිමාවක් ජෙරුසලමේ දැක ගත හැක. නමුත් කතෝලික සභාව ආරම්භයේ පටන්ම විශ්වාස කරනුයේ දේවමාතාවන් ආත්ම ශරීරය පිටින්ම දෙවියන් වහන්සේ විසින් ස්වර්ගයට කැදවා ගත් බවයි. මෙලොව අප සියලු දෙනාගේ ජීවිතය අප ජිවත් කරන විදිහ අනුව මරණයෙන් පසුව අපට ලැබෙන විපාකය කුමක්දැයි අපි කවුරුත් දනිමු.

මරියාවන් සදාකාලික නින්දකට යොමුවූ බව පිලිබිබු කරන ජෙරුසලමේ ඇති ප්‍රතිමාව
මරියාවන් සදාකාලික නින්දකට යොමුවූ බව පිලිබිබු කරන ජෙරුසලමේ ඇති ප්‍රතිමාව

මෙලොව දෙවිදුන්ගේ වදන් ජිවත් කරන යහපත් දිවියක් ගත කරන සැමට මරණයෙන් පසුව ලැබෙන තිළිණය සදාතනික ජීවිතයයි. මරියාවන් දෙවිදාණන් ලොවට බිහි කලා පමණක් නොව උන්වහන්සේගේ කුරුසියේ මරණය තෙක්ද, ඉන්පසුවද ජේසු සමිදුන් සමග බද්ධව ජිවත් වූ බව ශුද්ධවූ ලියැවිල්ල තුල ඉතා පැහැදිලිය.

මේ නිසා මරියාවන් ලැබූ තිළිණය දෙවිදුන් තුල උරුම වූ එම සදාතනික ජීවිතයයි. කතෝලික සභාව තුල ඉතිහාසය පුරා පැවතුනු මෙම විශ්වාසය නිල වශයෙන් XII වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් 1950 නොවැම්බර් මස 01 දින Munificentissimus Deus {මුනිෆිචේන්ටිස්මුස් ඩෙවුස්} නමැති ශුද්ධෝත්තම ප්‍රකාශය තුලින්, “මරියාවන් මෙලොව ජීවිතය අවසානයේදී ආත්ම ශරීරය පිටින් ස්වර්ගයිය සම්පත්තිය කරා දෙවියන්වහන්සේ විසින් කැදවා ගත් බව” ප්‍රකාශ කරන ලදී.

එබැවින් මරියාවන්ගේ ස්වර්ගයට වැඩම කල මංගල්‍යය කතෝලික සභාව අගෝස්තු 15 දින ණය මංගල්‍යයක් ලෙස සමරන්නිය. මරියාවන් සේ අපද කෙදිනක හෝ මරණයෙන් පසුව උරුම වන සදාතනික ජීවිතය උරුම කරගැනීම සදහා ජේසු සමිදුන්ගේ වදන් ජීවත් කරන ජනතාවක් වන්නට එතුමිය අපව කැදවන්නිය.

ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *