සියළු ශුද්ධවන්තයන්ගේ රැජිණීය (සියළුම අවශ්‍යතාවත් හිදී අපගේ මැදහත්කාරිය)
ශු සුවිශේෂයේ සදහන් වන පරිදි විපුල ප්‍රසාදලත් උත්තමිය මරියෝත්තමාවන්ය. (ලුක් 1. 28) මන්ද සමිඳාණන් වහන්සේ එතුමිය කුසතුළ ජනිත වුණි.
එම භාග්‍යයේ උතුම්කම ප්‍රකාශ කරමින් එතුමිය ගැයූ ගීතය මරියාවන්ගේ උඳාත ගිය විය. ( ලුක් 1:46-56) සියලුම සාන්තුවර, සාන්තුවරියන් අතර උත්තුංග දේව ආදරය දිනූ එකම දේව මැවිල්ල පරිශුද්ධ මරියෝත්තමාවෝය.
එතුමිය ගැන ගැයෙන ඒ වර්ණතාව දේව මාතා ප්‍රාර්ථනයේ අඩංගුව තිබීම අගය කල යුත්තකි. එතුමිය ගැන ෆුල්ටන් ජේ. ෂීන් අගරදගුරු තුමා පවසනුයේ සෑම කෙනෙකුම එතුමියට තම හදවත තුළ රැගෙන යන්නේය යන්නයි. මරියාවන් ජම්මපාප දෝශ රහිතව පිළිසිඳුන බව 1854 දෙසැම්බර් 08 වන දින Inefabilis Deus නමැති ප්රකශතයෙන් IX වන පියුස් පාප් තුමා ප්‍රකාශයට පත් කළහ.
සියළුම සාන්තුවර බැතියට පෙර මරිය බැතිය පළමු කිතුනු සංඝ තුළ උත්දීපනය විය. එතුමිය තම කුඩා රැළ, කිතුනු සංඝය ආශිරවාද කරමින්, තනි නොකර ශක්තිමත් කරමින් යාච්ඤාවේ යෙදෙන අන්දම ලූක් තුමා මෙසේ පවසයි.
මේ සියළු දෙනා ද ස්ත්‍රීන්ද ජේසුස් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමි ද උන්වහන්සේගේ සහෝදරයන්ද සමග එක් සිත්ව නොකඩවා යාච්ඤාවේ නිරත වූහ. (ක්‍රි.යා 114)
ප්‍රාණ පරිත්‍යාගී බැතිය තුළ පවා එතුමියට හිමි තැන ලැබුණි. අත්තියෝකයේ ඉග්නාසියුස් මුනිතුමා සදහන් කරන විශ්වාසයේ අභිරහස් තුන අතරින් දෙකක් මරියාවත් පිළිබදව විය. එනම් මරියාවන්ගේ කත්යාභාවය, ක්යාවකගෙන් ලද ක්‍රිස්තු උපත හා ස්වාමින් වහන්සේගේ මරණය.
කලාව තුළ මෙන්ම සාහිත්‍ය තුළ ද එතුමියට හිමි තැන ඒ ඒ කලානු රූපව ලැබී ඇති බව ඵෛතිහාසික කරුණු අනුව පෙනේ. ක්‍රි.ව 150 සහ 200 අතර සා. ප්‍රිසිලා කැටකුම්බි එකේ බිත්තියක නොදන්නා කලාකරුවෙකු විසින් මරියාවන් හා ජේසු බිලිඳු චිත්‍ර ගත කර ඇති බව සඳහන් වේ. ලිඛිත නොවු නමුත් වාචික වු වර්ෂ 275 සිට කියවෙන දේවමාතාවන් පිළිබඳ යැදුමක් “Sub Thum Praesidium” ප්රකටය.
(අති ශු කත්‍ය මරියති ඔබගේ ආරක්ෂාව පැතුවා වූ) මරිය තුමිය කිසිද පාපයක් නොකල බව ශු. අම්බ්‍රෝස් තුමා (339 – 397) ඉගැන්වූ අතර වර්ෂ 431 දී එෆෙසස් මන්ත්‍රණ සභාව මගින් මරියාවත් පරිශුද්ධ දේව මාතාවන් බව ප්‍රකාශයට පත්කළහ. අදත් එම මංගල්‍ය අපි ජනවාරි මස පළමු දින පවත්වමු.
මරිය බැතිය ප්‍රචලිත වීමත් සමග ආරම්භයේදී ම දෙව් මව්ගේ ගෞරවය සදහා විවිධ මංගල්‍යත් ප්‍රකාශයට පත් කෙරිණ.
- වර්ෂ 350 දී මංගලම් ඇසීමේ මංගල්‍ය මාර්තු 25
- වර්ෂ 500 දී දෙව් මව උපත් මංගල්‍ය සැප්තැම්බර් 08
- වර්ෂ 600 දී දෙව් මව් ස්වර්ගාරෝපනය වීම අගෝස්තු 15
- වර්ෂ 750 දී නිරීමළ පිළිසිඳීම, දෙසැම්බර් 08
වර්ෂ 800 දී පමණ පෝල් තමැති දේවාවාරි තුමෙකු “Ave Maris Stella” ගීය පද නිර්මාණය කරමින් මරියාවන් සාගරයේ දිදුළන තරුව බව පළමුවරට ප්‍රකාශ කළහ. වර්ෂ 1000 ත් 1100 ත් අතර “Salve Regina” සහ “Alma Redemtorismater” යන ගී නිර්මාණය වී තිබේ.
මධ්‍යතන යුගයේ ප්‍රංශය තුළ සෑම ආසණ දෙව් මැදුරක්ම පාහේ එතුමියට කැප කරන ලදී. ලංකාවේ පවා බොහෝ දෙව් මැදුරු එතුමිගේ නමට කැපකර ඇති බව දක්නට ඇත. එපමණක් නොව බොහෝ ආයතත ද එතුමියට කැප කර ඇත.
විවිධ කලාකෘති එතුමියගේ නමින් නිමවිය. සෑම රටකම දෙව් මව්ට කැප කරන ලද විශේෂ සිද්ධස්ථානයක් ඇති බව දක්නට ලැබේ.
- එංගලන්තයේ Walsingham
- ප්‍රංශයේ Charters
- ඉතාලියේ Loreto
- ස්පාඤ්ඤයේ Montserrat
- ඔස්ට්‍රේලියාවේ Mariazell
- ස්විස්ටර්ලන්තයේ Einsiedeln
- පෝලන්තයේ Gzestochowa සහ
- ශ්‍රී ලංකාවේ ලංකා අප ස්වාමිදු සිද්ධස්ථානය ඒ අතර වේ.
II වන ජුවාම් පාවුළු පාප් තුමා සොවියට් දේශයේ වැටීම් දෙව් මව්ට බාර කල බවත් 1981 මැයි 13 පාතිමා මාතා මංගල්‍ය දින තමාට වෙඩි තැබු අලි අක්කාගේ වෙඩි පහරින් මිය නොගියේ එතුමියගේ මැදිහත් කමින් බවත් විශ්වාස කළහ.
ඊට පසු වසරේ පෘතුගාලයේ පාතිමා සිද්ධස්ථානය වෙත ගිය වන්දනා ගමනේදී පාප්තුමා තම සිරුරින් ගත් එක් මුනිස්සමක් එතුමිය පාමුල තැබීය. වර්ෂ 1851 දී IX වත පියුස් පාප් තුමා එතුමිය මවුවරුන් අතර උත්තම මාතාව ලෙස හැදිත් විය.
දෙව් මවුගේ විශේෂ මංගල්‍යත්
- ජනවාරි 01 – පරිශුද්ධ දේව මාතාවන්ගේ මංගල්‍ය
- පෙබරවාරි 02 – කාතික්ක දේව මාතා මංගල්‍ය
- පෙබරවාරි 04 – ලංකා අප ස්වාමිදූ මංගල්‍ය
- පෙබරවාරි 11 – ලුර්දු දේව මාතා මංගල්‍ය
- මාර්තු 25 – මංගලම් ඇසීමේ මංගල්‍ය
- මැයි 13 – පාතිමා මංගල්‍ය
- මැයි 31 – බැහැදකින්නට යෑමේ මංගල්‍ය
- ජූනි – නිර්මල හෘදයේ මංගල්‍ය
- ජූලි 16 – කාර්මෙල් දේවමාතා මංගල්‍ය
- ජූලි – සින්දාත්‍රි දේවමාතා මංගල්‍ය
- අගෝස්තු 15 – ස්වර්ගාරෝපණ මංගල්‍ය
- අගෝස්තු 22 – මරිය රැජිණ මංගල්‍ය
- සැප්තැම්බර් 08 – මරිමව් උපන් මංගල්‍ය
- සැප්තැම්බර් – තුෂාරයේ අප ස්වාමිදු මංගල්‍ය
- සැප්තැම්බර් 12 – මරිය යන ශ්‍රී නාමයේ මංගල්‍ය
- සැප්තැම්බර් 15 – වික්ෂ්ප මාතා මංගල්‍ය
- ඔක්තොම්බර් 07 – ජපමාල මාතා මංගල්‍ය
- නොවැම්බර් 21 – දෙව්මව් ඔප්පු කිරීමේ මංගල්‍ය
- දෙසැම්බර් 08 – ජම්ම දෝශයෙන් නිරීමළව පිලිසිදීමේ මංගල්‍ය
- දෙසැම්බර් 12 – ගර්භවාස දේව මාතා මංගල්‍ය / ග්වාඩලුපේ හි අප ස්වාමිදු මංගල්‍ය