Site icon Catholic ENCY | සිංහල කතෝලික වෙබ් අඩවිය

ශුද්ධ වූ සභාවේ ආරම්භය

Shuddha wu sabawe arambaya

අපෝස්තුළුවරු

මෙම ලිපිය තුලින් ශුද්ධ වූ සභාවේ ආරම්භය පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් ඔබට ගෙන එයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද ශුද්ධ වූ කතෝලික සභාව ලොව පැරණිතම ශුද්ධ වූ සභාවයි. ශුද්ධ වූ කතෝලික සභාව වසර 2000 කට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන අතර 2020 වන විට එහි සාමාජිකයන් ගණන බිලියන 1.4 කට ආසන්න වේ. 

ශුද්ධාත්මානුභාවයෙන් පරිපූර්ණව වර්තමාන සභා එඩේරාණන් වන ෆ්‍රැන්සිස් පාප් තුමන්ගේ එඩේරික නායකත්වයෙන් සවි ගැන්වෙන ශුද්ධ වූ සභා මාතාව ලොව පුරා පැතිර පවතින දේව රාජ්‍යයක් බවට පත්ව තිබේ. 

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ – ශුද්ධ වූ සභාවේ වර්තමාන නායකයා

මෙවන් වූ සභාවක් ආරම්භ කිරීමට උර දුන් මුල් කිතුනු සභා සාමාජික ක්‍රියාකාරීත්වය ආරම්භ වූ ආකාරය සොයා බැලීම ඉතා වැදගත් වේ.

ශුද්ධ බයිබලයට අනුව අප ශුද්ධ වූ සභා මාතාවගේ ආරම්භය සිදු වූ ආකාරය කෙටි පියවර කිහිපයකින් මෙසේ දැක්විය හැකි ය. 

ශුද්ධ වූ සභාවේ ආරම්භය

1) ශ්‍රාවකයන් 12 දෙනා තෝරා ගැනීම සහ ඔවුන් ධර්මදූත මෙහෙවරට සුදානම් කිරීම (මතෙව් 10:5-8 / මාක් 6:7-9)

2) 70 දෙනාගේ ධර්මදූත මෙහෙවර (ලූක් 10:1-12)

3. පේදුරු තුමා සභාවේ නායකයා බවට පත් කිරීම

4. ධර්මදූත සේවය පැවරීම (මතෙව් 28:18-20)

5. ශුද්ධාත්මාගමනය සහ පේදුරු තුමාගේ දේශනය (ක්‍රියා 2:14-41)

පෙන්තකොස්ත දින පේදුරු තුමාගේ මහා දේශනය

6. සාවුල්ගෙන් සභාවට පීඩා

7. පේදුරු තුමා ශතාධිපතියා (කොර්නේලියස්) බවුතීස්ම කිරීම (ක්‍රියා:10)

8. පාවුළු තුමා සහ බර්ණබස් ධර්මදූත සේවයට පත් කිරීම (ක්‍රියා 27,28)

මේ ආකාරයට අපෝස්තලික යුගයේ ආරම්භ වූ ශුද්ධ වූ කතෝලික සභාව පාප් තුමන්ලා 266 දෙනෙකුගේ නායකත්වය යටතේ රටවල් 230 කට අධික ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇත. වර්තමාන ශුද්ධ වූ කතෝලික සභාව බොහෝ තාඩන පීඩා සහ බාධක හමුවේ  තව තවත් ශක්තිමත් ව ඉදිරයට ඇදෙන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මෙහෙයවීම සහ වරප්‍රසාද බහුලව ලැබෙන නිසා ය. 

රෝමයේ සාන්ත පීතර බැසිලිකාව – ශුද්ධ වූ සභාවේ කේන්ද්_රස්ථානය

“තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් රොටි කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් හා සියල්ලන්ගේ ප්‍රසාදය ලබමින් ද කල් යැවූ හ. සමිඳාණන් වහන්සේ ගැළවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩිකර වදාළ සේක.” 
(ක්‍රියා 2:46-47)

Exit mobile version