ශුද්ධ වූ සභාවේ ආරම්භය
මෙම ලිපිය තුලින් ශුද්ධ වූ සභාවේ ආරම්භය පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් ඔබට ගෙන එයි.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද ශුද්ධ වූ කතෝලික සභාව ලොව පැරණිතම ශුද්ධ වූ සභාවයි. ශුද්ධ වූ කතෝලික සභාව වසර 2000 කට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන අතර 2020 වන විට එහි සාමාජිකයන් ගණන බිලියන 1.4 කට ආසන්න වේ.
ශුද්ධාත්මානුභාවයෙන් පරිපූර්ණව වර්තමාන සභා එඩේරාණන් වන ෆ්‍රැන්සිස් පාප් තුමන්ගේ එඩේරික නායකත්වයෙන් සවි ගැන්වෙන ශුද්ධ වූ සභා මාතාව ලොව පුරා පැතිර පවතින දේව රාජ්‍යයක් බවට පත්ව තිබේ.
මෙවන් වූ සභාවක් ආරම්භ කිරීමට උර දුන් මුල් කිතුනු සභා සාමාජික ක්‍රියාකාරීත්වය ආරම්භ වූ ආකාරය සොයා බැලීම ඉතා වැදගත් වේ.
ශුද්ධ බයිබලයට අනුව අප ශුද්ධ වූ සභා මාතාවගේ ආරම්භය සිදු වූ ආකාරය කෙටි පියවර කිහිපයකින් මෙසේ දැක්විය හැකි ය.
ශුද්ධ වූ සභාවේ ආරම්භය
1) ශ්‍රාවකයන් 12 දෙනා තෝරා ගැනීම සහ ඔවුන් ධර්මදූත මෙහෙවරට සුදානම් කිරීම (මතෙව් 10:5-8 / මාක් 6:7-9)
- ධුෂ්ටාත්ම දුරු කරනු පිණිසත්
- සියලු ලෙඩ සුව කරනු පිණිසත් බලය පවරා දීම
2) 70 දෙනාගේ ධර්මදූත මෙහෙවර (ලූක් 10:1-12)
- 70 දෙනෙක් තෝරා ගෙන නගර පෙදෙස් වලට දෙදෙනා බැගින් උන්වහන්සේට කලින් පිටත් කර යැවීම
- ගොයම නම් බහුල ය. ගොවි හු විරල ය. එබැවින් ගොයම කැපීමට මෙහෙකරුවන් එවන මෙන් ගොයමේ හිමියන්ට යාච්ඤා කරන්න. (ලූක් 10:2)
- ඉතින් යන්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ වෙත පැමිණියේ යයි ඔවුන්ට ප්‍රකාශ කරන්න. (ලූක් 10:9)
3. පේදුරු තුමා සභාවේ නායකයා බවට පත් කිරීම
- පේදුරු ඔබ පර්වතයක්: ඔබ පේදුරුය. මෙම පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. මරණයේ බලයට වුවද එය පරාජය කල නොහැකිය. (මතෙව් 16:18-19)
- පේදුරුට පැවරූ තුන් ප්‍රකාර භාරය (ජොහන් 21:15-19)
- මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්න
- මගේ බැටළුවන්ගේ එඩේරා වන්න
- මාගේ බැටළුවන් පෝෂණය කරන්න
4. ධර්මදූත සේවය පැවරීම (මතෙව් 28:18-20)
- ජේසුස් වහන්සේ අහස් නැගීමට පෙර ශ්‍රාවකයන් 11 දෙනා කැඳවා සිය දුත මෙහෙවර පැවරීම
- “ස්වර්ගයෙහි ද පොලොවහි ද සියලු බලය මට පවරා තිබේ, එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගේ ද, පුත්‍රයාණන්ගේ ද, ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම ස්නාපනය කරන්න…..”
5. ශුද්ධාත්මාගමනය සහ පේදුරු තුමාගේ දේශනය (ක්‍රියා 2:14-41)
- පෙන්තකොස්ත දින ශුද්ධාත්මාගමනය
- එදින පේදුරු තුමාගේ දේශනයෙන් 3000 දෙනා බවුතීස්ම ස්නාපනය ලැබීම
- එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ. (ක්‍රියා 2:41)
6. සාවුල්ගෙන් සභාවට පීඩා
- තාර්සිස්හි සවුල්ගේ සිත් හැරීම (ක්‍රියා 9:3-6)
- “සාවුල් සාවුල් ඔබ මට පීඩා කරන්නේ මන්ද?
- සාවුල් සුවය ලැබීම සහ තෝරා ගනු ලැබීම
- ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි. (ක්‍රියා 9:15)
7. පේදුරු තුමා ශතාධිපතියා (කොර්නේලියස්) බවුතීස්ම කිරීම (ක්‍රියා:10)
- අන්‍ය ජාතිත් වෙතට සභාව ව්‍යාප්ත වීම
- කොර්නේලියස් තමාගේ නෑයන් ද හිතමිතුරන් ද කැඳවාගෙන ඔවුන් එන තුරු බලා සිටියේ ය. පේදුරු ගෙට පිවිසුණු විට, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස් ඔහුගේ පාමුල වැඳ වැටුණේ ය. එහෙත් පේදුරු, ”නැඟිටින්න, මමත් මනුෂ්‍යයෙකැ”යි කියා ඔහු එසෙව්වේ ය. (ක්‍රියා:10:24-26)
8. පාවුළු තුමා සහ බර්ණබස් ධර්මදූත සේවයට පත් කිරීම (ක්‍රියා 27,28)
- පාවුළු තුමා රෝමයට පිටිවහල් කර යැවීම, කුණාටුව සහ නව බිදී යාම
- රෝමයට පැමිණීම සහ දෙවියන් වහන්සේගේ ගැලවීම විජාතින් වෙත ප්‍රසිද්ධියේ දේශනා කිරීම.
- පාවුලු තමා කුලියට ගත් ගෙයි දෑවුරුද්දක් වාසය කරමින්, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන, නොබිය ව, ප්‍රසිද්ධියේ ම, දෙවියන් වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගැන අනුශාසනා කෙළේ ය. (ක්‍රියා 28:30-31)
මේ ආකාරයට අපෝස්තලික යුගයේ ආරම්භ වූ ශුද්ධ වූ කතෝලික සභාව පාප් තුමන්ලා 266 දෙනෙකුගේ නායකත්වය යටතේ රටවල් 230 කට අධික ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇත. වර්තමාන ශුද්ධ වූ කතෝලික සභාව බොහෝ තාඩන පීඩා සහ බාධක හමුවේ තව තවත් ශක්තිමත් ව ඉදිරයට ඇදෙන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මෙහෙයවීම සහ වරප්‍රසාද බහුලව ලැබෙන නිසා ය.
“තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් රොටි කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් හා සියල්ලන්ගේ ප්‍රසාදය ලබමින් ද කල් යැවූ හ. සමිඳාණන් වහන්සේ ගැළවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩිකර වදාළ සේක.”
(ක්‍රියා 2:46-47)