shuddha wu deshaya bugoliya pasubima

ඉශ්රායෙලය ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත සිදුවීම් හා බැඳී තිබීමත් ක්‍රිස්තුස් වහන්සේගේ උපත, දූත සේවය, දුක් විඳීම, මරණය, උත්ථානය සිදු වූ දේශය නිසා එය ශුද්ධ වූ දේශය නමින් හැඳින්වේ. ශුද්ධ වූ දේශය ලොව පුරා වෙසෙන කිතුනුවන්ට ඉතා වැදගත් වන්නේ ද එම නිසාමය.

මෙම ලිපිය මගින් ශුද්ධ වූ දේශයේ භූගෝලීය පිහිටීම සහ ඉතිහාසය ගැන කරුණු විමසා ඇත.

ශුද්ධ වූ දේශය හඳුන්වන වෙනත් නම්

ශුද්ධ වූ දේශයට විවිධ නම් භාවිතා කරන අතර ඒවා කිහිපයක් නම්,

  • කානාන්
  • පලස්තීනය
  • ඉශ්රායෙල් දේශය
  • පොරොන්දු දේශය
  • ශුද්ධ වූ දේශය

මෙලෙස ශුද්ධ වූ දේශය විවිධ නම් වලින් හැඳින්වීමට හේතු කිහිපයක් ඇත. ඒ නම් වල අර්ථයත් එම නම් භාවිතා කිරීමට හේතුත් පහත වගුවේ දක්වා ඇත.

 නමෙහි අර්ථයභාවිතා කිරීමට හේතුව
කානාන්I දම්පාට ලොම් රෙදි නිපදවන රට
II නෝවාගේ පුතුන් තිදෙනාගෙන් පැවතෙන කාන් නැමැත්තෙක් පදිංචිව සිටි ප්‍රදේශය
I කානාන්හි සිදොන් තොටුපල අසල මුහුදේ වාසය කළ බෙල්ලන් වර්ගයකගේ බෙලි කටු වලින් දම්පාට සායම් වර්ගයක් නිපදවා එරට බැටළුවන්ගේ ලොම් මේ සායම් වලින් පාට කර දම් පාට රෙදි නිපදවීම නිසා   II නෝවාගේ පුතුන් තිදෙනාගෙන් පැවතෙන කාන් නැමැත්තෙක් පදිංචිව සිටි නිසා මෙම ප්‍රදේශයට කානාන් යනුවෙන් නම් කළ බව ජනප්‍රවාදයේ පවතී  
පලස්තීනයපිලිස්තිවරුන්ගේ රටපිලිස්තිවරුන් විසූ දේශයට රෝමවරුන් පලස්තීනය යන නම භාවිතා කළ නිසා
ඉශ්රායෙල් දේශයදෙවියන් වහන්සේ සමඟ ශක්ති සම්පන්න හෝ දෙවියන් වහන්සේ ශක්ති සම්පන්නදෙවියන් වහන්සේ විසින් ජාකොබ්ට දෙන ලද නම් වලින් එකකි. (උත් 32/28)
පොරොන්දු දේශයදෙවියන් වහන්සේ අබ්‍රහම්ගේ පරම්පරාවට දීමට පොරොන්දු වූ දේශයදෙවියන් වහන්සේ අබ්‍රහම්ගේ පරම්පරාවට දීමට පොරොන්දු වූ දේශය මෙය නිසා
ශුද්ධ වූ දේශයක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත සිදුවීම් හා බැඳුණු දේශය ක්‍රිස්තුස් වහන්සේගේ උපත, දූත සේවය, දුක් විඳීම, මරණය, උත්ථානය සිදු වූ දේශය නිසා

ශුද්ධ වූ දේශයට භාවිතා කරන නම් වලට අදාළ තවත් බොහෝ සුවිශේෂී කරුණු ඇත. ඒවා නම්,

කානාන්පලස්තීනයඉශ්රායෙල් දේශය
මෙය පුරාණතම නාමයයි සිරියාවටත් ඊජීප්තුවටත් අතර ඉශ්රායෙල්වරු වාසය කල ප්‍රදේශයයි මුලදී මෙම නම පිනිශියාවේ මුහුදුකරයට පමණක් භාවිතා කලද පසුව ජෝර්දාන් ගඟෙන් බටහිර ප්‍රදේශයට භාවිතා කළහමෝසෙස් ඔත්තුකාරයන් යැව්වේ මේ රටටයමෙසපොතේමියාවේ සිට (හාරාන්) ඊජිප්තුවට ගිය ආබ්‍රහම් තුමා පදිංචි වූ ප්‍රදේශය වේරෝමවරු භාවිතා කළ නම යජුදෙව්වරු පිලිස්තිවරුන් සමඟ සතුරුවූ නිසා ඔවුන් කිසිදිනක මෙම නම භාවිතා නොකළහ බයිබලයේ දාවිත් ගොලායත් කතාවේ සඳහන් වේවර්තමානයේ මේ නම නැවත භාවිතා කළේ 1948 මයි 4 වන දින පලස්තීනයෙන් ජෝර්දානය වෙන් කර නිදහස ලැබීමෙන් පසුවය 

ශුද්ධ වූ දේශයේ භූගෝලීය පිහිටීම සහ ඉශ්රායෙල් ජනතාව

ජෝර්දාන් ගඟෙන් නැගෙනහිරට වර්ග සැතපුම් 4,000 ක් ද, බටහිරට 6,000 ක් ද වේ වන පරිදි ශුද්ධ වූ දේශය පිහිටා ඇත. වර්තමාන ඉෂ්රායෙලය වර්ග සැතපුම් 8,000 ක් වේ. ශුද්ධ දේශයේ පිහිටි ගලීල මුහුදේ දිග සැතපුම් 13 ක් ද පළල සැතපුම් 8 ක් ද වේ. එය මධ්‍යධරණී මුහුදේ සිට සැතපුම් 28 ක දුරකින් පිහිටා ඇත. ඉශ්රායෙල් පිහිටා ඇත්තේ අප්‍රිකාවත් ආසියාවත් අතරය. උතුරින් ලෙබනනය සහ සිරියාවෙන්ද, නැගෙනහිරින් ජෝර්දානයෙන්ද, නිරිතදිගින් ඊජිප්තුවේ සිනයි අර්ධද්විපයෙන්ද මායිම් වී ඇත. ඉශ්රායලය වියළි රටකි. වසරකට දෙවරක් වැසි ලැබේ.

දෙවියන් වහන්සේ ඊශ්‍රායලය හැඳින්වුයේ කිරියෙන් පැණියෙන් උතුරන රට ලෙසය. ඉශ්රායෙල්වරු මුලින්ම ඉශ්රායෙල් දේශයට පැමිණියේ සංචාරක එඬේරුන් ලෙස ය. ඉශ්රායෙල්වරු ඉශ්රායෙලයේ පදිංචි වූ පසු ඔවුන්ගේ රැකියාව වුයේ ගොවිතැන ය. පිටරැටිය ඉශ්රායෙල්වරු හැඳින්වුයේ හෙබ්‍රෙව්වරුන් ලෙස ය. එයට හේතුව නම් ඉශ්රායෙල්වරු හීබෘ භාෂාව කතා කිරීමයි.

හීබෘ යන්නේ අර්ථය “මෙයින් එහා” යන්නයි. පුරාණ ගිවිසුමේ ඉශ්රායෙල්වරුන්ට හේබ්‍රෙව්වරුන් ලෙස භාවිතා නොකළේ මුලින්ම මේ නම භාවිතා කළේ මංකොල්ලකරුවන්ට නිසා ය. ශුද්ධ වූ දේශයට පැමිණීමට පෙර ඉශ්රායෙල්වරු මුලින්ම පැමිණියේ මෙසපොතේමියාවට ය. (වර්තමාන තුර්කිය නොහොත් හාරාන් දේශය). මෙසපොතේමියාවට පැමිණි මොවුන් හැඳින්වුයේ සෙමිතවරු ලෙස ය. එකල ඔවුන්ගේ භාෂාව වූයේ හීබෘ සහ ඇරමයික් යන භාෂාවන් ය.

ඉශ්රායෙල්වරු අනෙක් ජාතීන්ට වඩා විශේෂ වීමට හේතුව වූයේ ඔවුන් ඒකදේවවාදී ජනතාවක් වීමයි.

ශුද්ධ වූ දේශයේ ප්‍රධාන බෙදීම්

ශුද්ධ වූ දේශයේ ප්‍රධාන ප්‍රදේශ 3 කට බෙදා තිබේ. ඒවා නම්,

  • ගලීලය
  • ජුදයාව
  • සමාරිය වේ.

ශුද්ධ වූ දේශය උතුරේ සිට දකුණු දෙසට දිවෙන පටු බිම් තීරුවක් වන පලස්තීනයේ මධ්‍යධරණී මුහුදත් ජෝර්දාන් නදියත් අතර පිහිටි ප්‍රදේශය පළාත් 3 කට බෙදා උතුරු පළාත ගලීලය ලෙසද, මධ්‍යම පළාත සමාරිය ලෙසද, දකුණු පළාත ජුදයාව ලෙසද නම් කර ඇත. ජෝර්දාන් නදියට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයට පෙරේයාව ලෙස හැඳින්වීය.

ගලීලය

මුළු පලස්තීනයේම සාරවත්ම ප්‍රදේශය වශයෙන් සැලකෙන්නේ ගලීල ප්‍රදේශය යි. පලස්තීනයේ ජනාකීර්ණම ප්‍රදේශය ද වන්නේ ගලීලය යි. ගලීලය කාර්මෙල් කඳුවැටිය සහ එසඩ්‍රේලොන් තැනිතලාව දකුණු මායිම හා ලෙබනන් කඳුවැටිය උතුරු මායිම අතර පිහිටා ඇත.

ගලීලයේ ප්‍රධාන වැවිලි වර්ග වන්නේ තිරිඟු, බාර්ලි, මිදි, ඔලිව්, අත්තික්කා වැනි බෝග වේ. ගලීලය ජේසුස් වහන්සේගේ ජීවිතය හා බැඳෙන්නේ උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජිවිතයේ මුල් කොටසෙහි උන්වහන්සේ දේශනා කළ ස්ථානය වූ ගලීල මුහුද හෙවත් ජෙනසරෙත් විල ගිනිකොනෙහි පිහිටා තිබීම නිසායි.

ගලීල මුහුද මුහුදු මට්ටමින් අඩි 700 ක් පමණ පහතින් පිහිටා ඇති අතර දිග සැතපුම් 13 ක් ද, ගැඹුර අඩි 165 – 230 අතරද වේ. ගලීල මුහුද ගලීලයේ ගිනිකොන දෙසින් පිහිටා ඇත.

ගලීල මුහුදට පුරාන ගිවිසුමේ සහ නව ගිවිසුමේ විවිධ නම් භාවිතා කර ඇත.

  • පුරාණ ගිවිසුම – කීනසෙරෙත් මුහුද (ගණන් 34:11, 1 මකබි 11:64)
  • නව ගිවිසුම – ජෙනසරෙත් වැව (මතෙව් 14:34, මාක් 6:53, ලූක් 5:1) සහ තිබේරියස් මුහුද (ජොහන් 6:1, 21:1)

ගලීලයේ මුහුද සහ අවට ප්‍රදේශයේ ජේසුස් වහන්සේගේ ජීවිතය හා බැඳී තිබෙන සිද්ධීන් කිහිපයකි, ඒවා නම්,

  • පළමු ශ්‍රාවකයන් 4 දෙනා කැඳවීම (මතෙව් 4:18)
  • ලාදුරු රෝගියාට සුවය (මතෙව් 8:1)
  • මාරුත දමනය (මතෙව් 8:27)
  • ශ්‍රාවකයන් 12 දෙනා පත් කිරීම (මාක් 3:13)

ශුද්ධ වූ සුවිශේෂ 4 තුළ ගලීල මුහුද ගැන 45 වතාවක් සඳහන්ව තිබේ.

ජෙනසරෙත් විල් තෙරෙහි පිහිටා තිබෙන ප්‍රධාන නගර නම්,

  • තිබේරියස්
  • බෙත්සයිදාව
  • මග්දලාව
  • කපර්ණාවුම යන නගර වේ.

ගලීලය අභ්‍යන්තරයෙහි පිහිටා තිබෙන නගර නම්,

  • නාසරෙත්
  • නායිම්
  • කානා යන නගරයි.

ගලීලයේ වැසියන්ගේ ප්‍රධාන රැකියාව ගොවිතැන සහ මසුන් මැරීම යි. ජ්රිස්තුස් වහන්සේගේ සමයේ ගලීල වැසියන් ජුදා නීතිය පිලිබඳ වැඩි විස්තර නොදනිති කියා ජුදෙව් වැසියන් ගලීල ජාතිකයන් නිරන්තරයෙන් උපහාසයට ලක් කළේ කලේ ය.

ගලීල මුහුද
ගලීල මුහුද

සමාරිය

සමාරිය යනු ගලීලයට දකුණින්ද, ජුදයාවට උතුරින්ද පිහිටා තිබූ කඳුකර ප්‍රදේශයකි. සමාරියේ සාරවත් මිටියාවත් කිහිපයක්ම පිහිටා තිබුණි. සමාරීය ජාතිකයන් සුළු ආසියාවෙන් පැමිණි විදේශියන් හා සම්මිශ්‍රණය වූ ජුදා ජාතිකයන්ගෙන් පැවත ඒ. සමාරිය ජාතිකයන් සමරිතානුවරුන් ලෙසද හැඳින්වීය. සමාරීයන් විදේශිකයන්ගෙන් පැවතෙන්නන් බැවින් ඔවුන් අපිරිසිදු ජාතියක් යැයි සිතු නිසා ජුදෙව්වරු විසින් සමරිතානුවරු කොන් කරන ලදී.

ජුදයාව

ජුදයාව යනු පලස්තීනයේ දකුණු භාගයෙහි පිහිටා තිබූ සුළු කඳු වලින් ගහන ප්‍රදේශයකි. ජුදෙව්වන්ගේ ආගමික හා සමාජීය ජිවිතයේ මධ්‍යස්ථානයවූ ජෙරුසලෙම ජුදයාවේ පිහිටා තිබූ නිසා ජුදයාව ඉශ්රායෙල් ජනතාවට සුවිශේෂී ප්‍රදේශයක් විය.

මෙලෙස ජෙරුසලමෙහි ඇති විශේෂත්වයන් කිහිපයක් වූයේ මුහුදු මට්ටමින් අඩි 2,400 ක් පමණ උස් වූ කන්දක් මත ගොඩනැගූ දේව මන්දීරය පිහිටා තිබීමත්, ජෙරුසලමේ දේව මන්දීරය ජුදෙව්වන්ගේ ප්‍රධාන වන්දනා ස්ථානය වීමත් සහ රෝම ආණ්ඩුකාරයාගේ මුලස්ථානය පිහිටා තිබීම ය.

පූජනීය ස්ථානය සහ ශුද්ධාති ශුද්ධස්ථානය යා කරමින් දිවෙන පියගැට පෙළින් සැදුම් ලත් අංගනයන්ගෙන් යුත් තේජස සම්පන්න පතාක යෝධයෙකු සේ කැපී පෙනෙන දේව මන්දිරයක් පිහිටා තිබීම නිසාත් ආගමික පුද පූජා විශේෂයෙන් පාස්කු මංගලෝත්සවය කාලයේදී පලස්තීනයේ සෑම පෙදෙසකින්ම ජනතාව දේව මන්දිරයට පැමිණෙන නිසාත් ජෙරුසලමේ දේව මන්දිරය විශේෂ ස්ථානයක් විය.

ජුදයාවේ වැසියන් පවත එන්නේ බැබිලෝනියාවේ විදේශගතව සිට ආපස පැමිණියවුන්ගෙන් ය.

ජුදයාවේදී ජේසුස් වහන්සේට එතරම් පිළිගැනීමක් නොලැබුණි. ඒ සඳහා හේතු වූ ජුදා ජනතාවගේ සුවිශේෂි චරිත කිහිපයකි. ඒවා නම්,

  • ජුදා ජනතාව දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ ජනතාවක් වීම.
  • දේව නිතිය පිළිපදින්නේ තමන් පමණකැයි ඔවුන් සිතීම.
  • ජුදා ජාතිකයන් අසල්වැසිය විදේශිකයන් සමඟ ආශ්‍රය කිරීමට අකමැති වීම.
  • ඔවුන්ගේ හැසිරීම ගරුසරු බැවින් තොර වීම.
  • ජුදා ජනතාව කතා කරන විලාසයෙන් පවා තමන්ගේ ප්‍රෞඩත්වය පෙන්වීමට උත්සහ කිරීම.
  • ජුදා ජනතාව ගලීලයන් මෙන් ඉවසන සුළු ජනතාවක් නොවීම.

ශුද්ධ වූ දේශයේ සමාජ පංති

ශුද්ධ වූ දේශයේ ජීවත් වූ සාමාන්‍ය ජනතාව හැරුණු විට තවත් සමාජ පන්ති කිහිපයකි. එම සමාජ පන්ති නම්,

  • සද්දුසිවරු ජූජකයන් සහ ධනවතුන්
  • ලේකම්වරු
  • පරිසිවරු
  • සමරිතානුවරු
  • එසේනිවරු වේ

එම සමාජ පන්ති වල ලක්ෂණ පහත වගේ ගොනු කර දක්වා ඇත.

සද්දුසිවරු ජූජකයන් සහ ධනවතුන්  ජනතාවගේ ආගමික හා දේශපාලන නායකයන් මොවුන්ය.නීතිය අකුරටම පිළිපැද්දේය. පිළිගත්තේ පංච පුස්තකය පමණි. විශ්වාස කළේ එකම දෙවියන්වය. මරණින් මතු ජීවිතය, දේව දූතයන් සහ උත්ථානය විශ්වාස නොකළහ සාදොක්ගේ පූජක පවුලෙන් පැවතෙන්නෝය. ඉහල පැලැන්තියේ, වංශවත්, ධනවත් අය වේ.
ලේකම්වරු  විප්‍රවාස කාලයේ බැබිලෝනියාවේදී බිහිවූ පිරිසයි. තෝරාගත් ජුදා පිරිසකි. පරිසිවරුන්ගේද නායකයෝය. බැබිලෝනියාවේදී දේව වාක්‍ය පිටපත් කලේ මොවුන්ය. ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ ව්‍යවස්ථා ආචාර්යවරු වූයේ මොවුන්ය. රබ්බෝනි හෙවත් ගුරු දේවයනි යනුවෙන් ජනතාව මොවුන් ඇමතීය. (එමනිසා අපෝස්තුළුවරු ජේසුස් වහන්සේට මෙසේ ආමන්ත්‍රණය කළේය)
පරිසිවරු  “පරිසියානු” යනු අන් අයගෙන් වෙන් වූ තැනැත්තාය. බාහිර වත් පිළිවෙත් කෙරෙහි පමණක් විශේෂ උනන්දුවක් දැක්විය. අමරණිය ආත්මය සහ දේව දූතයන් ගැන විශ්වාස කළහ. ජුදා දහම සහ නීතිය සෙසු ජුදෙව්වන්ට වඩා ඉහළින් පිළිපැදීම නිසා ඔවුන් කණ්ඩායමක් සේ වෙන්ව සිටියහ. ජුදෙව් නොවන අයගෙන් හැකි තරම් වෙන්ව සිටියහ. ජුදෙව් සමාජයේ සිටි විශාලතම සහ බලවත්ම ආගමික කණ්ඩායමය.
සමරිතානුවරු  එකම ජාතිය වුවද කොන් කිරීම නිසා වෙනම ජීවත් විය. මෙයට හේතුව ඔවුන් අසිරියාවේ වහලුන්ව සිටි කාලයේදී ජුදා ආගමට වෙනත් මිත්‍යා ඇදහිලි මිශ්‍ර කිරීමයි. මොවුන් පිළිගන්නේ පංච පුස්තකය පමණි. වන්දනා කළේ ගෙරසියම් කන්දේ තනාගත් දේව මන්දිරයේය. සමරිතානුවන්ගේ හිරිහැර නිසා අන් ජනයා සමාරිය හරහා ගමන් නොකළහ. ජුදෙව්වන් ඔවුන්ට සැලකුවේ විජාතීන්ටත් වඩා පහළ මට්ටමකිනි.
එසේනිවරු  පූජක පරපුරකින් පැවත එන තාපස පිරිසකි. ක්‍රි.ව. 64 දක්වා මළ මුහුද අසල කුම්රාන් නුවර ජීවත් වූ බව ඓතිහාසක කුම්රාන් පිටපත් වල සඳහන් වේ.

ශුද්ධ වූ දේශයේ ජන ජීවිතය සහ දේශපාලන පසුබිම

පොදුවේ ගත කළ ශුද්ධ වූ දේශයේ ජන ජීවිතය සහ දේශපාලන පසුබිම පිළිබඳ පහත වගුවේ දැක්වෙන කරුණු ගෙන හැර දැක්විය හැකි ය.

ජන ජීවිතයදේශපාලන පසුබිම
සමාන්‍ය ජනතාවගෙන් බදු අය කරන ලදි. (දේව මාලිගා බද්ද)රදල පැලැන්තිය සුවපහසු ජීවිතයක් ගත කළේය. පොදු ජනතාවගේ ජීවිත එඬේරික ජීවිතය සහ කෘෂි කර්මාන්තය මත රඳා පැවතුනි. ගලීල වැසියන් දුර්වල, බුද්ධි මට්ටමින් අඩු වැසියෝ ලෙස සැළකූහ. සමාරීයන් දරුණු අදහස් ඇති ජන කොටසක් ලෙස සැළකූහ. ජුදා වැසියන් ග්‍රීක් බස උගත්, බුද්ධිමත් අය වූහ. මාන්නයෙන් හිස උදුම්මවාගත් පිරිසක් ජෙරුසලෙමේ විසූහ. මොවුන් දෙබිඩි ජීවිතයක් ගත කළේය. මෝසෙස්ගේ නීතිය පිළිපදින බව කියමින් ජනතාවගේ බදු වලින් සැපවත් ජීවිතයක් ගත කළේය. භාෂාව අනුව ග්‍රීක් උගතු සහ ඇරමයික් කතාකරන්නන් වශයෙන් සමාජය බෙදිණි.   එකල ග්‍රීක සංස්කෘතිය ඉතා හොදින් පැතිරී තිබුණි. රෝම අධිරාජ්‍යයා විසින් පාලනය කරන ලදි. රෝම අධිරාජ්‍යයා විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරු විසින් ජුදයාව, සමාරියාව, ගලීලය පාලනය කරන ලදි. ග්‍රීක දේශපාලන පසුබිම මත ශුද්ධ වූ දේශයේ දේශපාලන පසුතලය ගොඩනැඟුණි. රෝම අධිරාජ්‍යයාට බදු ගෙවන ලදි.  

ශුද්ධ වූ දේශයේ ජුදෙව් ජනතාවගෙන් බදු එක්රැස් කළ පිරිස අයකැමියන් ලෙස හැඳින්වීය. එලෙසම ජුදෙව් ජනතාවගේ නඩු විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සැන්හෙඩ්‍රින් මන්ත්‍රණ සභාව ලෙස හැඳින්වීය. පහත දැක්වෙන කොට්ඨාශයන් සැන්හෙඩ්‍රින් මන්ත්‍රණ සභාව නියෝජනය කරන ලදී.

  • පූජකවරු හෙවත් පවුල් 24 ට අයත් මූලික පූජකවරු (1 වංශාවලිය 2)
  • වයසින් මුහුකුරා ගිය අත්දැකීම් ඇති ප්‍රජා මූලිකයන් (මාක් 11:27)
  • විනයධරයින් හෙවත් ජුදෙව් ව්‍යවස්ථාව පිළිබඳ අටුවාවචාරින්

ජුදෙව් ජනතාවගේ සියළුම අධිකරණ බලතල සැන්හෙඩ්‍රින් මන්ත්‍රණ සභාව සතු විය. සැන්හෙඩ්‍රින් මන්ත්‍රණ සභාවේ රැස්වීම් පැවැත්වූයේ දේව මාලිගාවේදී ය. ක්‍රිස්තුස් වහන්සේගේ සමයේ පලස්තීනයේ ඉතා අවුල් සහගත දෙෂනාපල සංස්කෘතියක් පැවතුනි. එම සංස්කෘතිය වෙනස් කිරීමට ජුදා ජනතාව විවිධ උපක්‍රම භාවිතා කළ ද ඒවා සියල්ල අසාර්ථක විය.

සෙලොට්වරු සහ සිකාරිවරු (කැරලි කරුවන්) විප්ලවයක් තුළින් දේශපාලන නිදහස පැතූහ. පරිසිවරු ග්‍රීක – රෝම සංස්කෘතිය පිළිකෙව් කළහ. නමුත් සද්දුසිවරු ග්‍රීක – රෝම සංස්කෘතිය පිළිගනිමින් කාලානුරූපී වූහ.

ශුද්ධ වූ දේශයේ ආර්ථික පසුබිම

ජුදා දේශයේ රදළවරු, ආගමික නායකයෝ මුදලින් පොහොසත් අය වූහ. නමුත් පොදු ජනතාව දිළිඳු අය විය. ඉශ්රායෙල් ජනතාව භාවිතා කළ ප්‍රධාන මුදල් ඒකකය වූයේ ශෙකල් ය. එලෙසම රෝම දිනාරිය සහ ග්‍රීක් ඩ්‍රක්මාව යන මුදල් වර්ග ද ඔවුන් භාවිතා කළහ. ග්‍රීක් ද්‍රක්මාව නම් කාසි වර්ගය භාවිතා කලේ දේව මාලිගාවේ බද්ද ගෙවීමට ය. එය රිදී කාසියකි.

සාමාන්‍ය ඉශ්රායෙල් ජනතාව ජනතාවගේ ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන රැකියාවල නිරත විය.

  • කෘෂිකර්මය
  • එඬේරික ජීවිතය
  • ධීවර කර්මාන්තය
  • වඩු කර්මාන්තය

එලෙසම ඉශ්රායෙල් ජනතාවගේ රැකියාව අනුව සමාජය විවිධ කොටස්වලට බෙදී තිබුණි. ඒවා නම්,

  • රටේ පාලකයන්
  • කම්කරුවන්
  • ගොවීන්
  • කුලීකරුවන්
  • වහලුන් ආදී වශයෙන් ය.

ජුදා සමාජයේ දක්නට ලැබුණු බදු ක්‍රම දෙකකි.

  • දේව මාලිගාවට ගෙවිය යුතු බද්ද
  • රෝම රජයට ගෙවිය යුතු බද්ද

ඉශ්රායෙල් ජනතාව වාර්ෂිකවය බදු ගෙවිය යුතු වූ අතර විදේශගතව සිටින සෑම ජුදෙව්වෙක්ම මේ බදු ගෙවීමට දේව මාලිගාවට පැමිණිය යුතුය. ජුදාවරු රෝමය බදු ගෙවීමට අකමැති විය. එයට හේතුව වූයේ තමන්ගේ එකම නායකයා දෙවියන් වහන්සේ වීමයි. එලෙසම ජුදා ජනතාව රෝම කාසි වලට අකමැති විය. එයටද හේතුව වූයේ එම කාසිවල සීසර්ගේ රුපය ඇති බැවිනි. ජුදා ජනතාව එය රූප වන්දනාවක් ලෙස සැලකුහ.

ශුද්ධ වූ දේශයේ ආගමික පසුබිම සහ ප්‍රධාන මංගල්‍යයන්

ජෙරුසලෙම් දේව මාළිගාවේ ආගමික තේවාවන් කළේ ආරොන්ගේ පෙළපතින් පැවත එන පූජකයන් විසිනි. දිනපතා පූජා ඔප්පු කිරීමත්, පූජාසනයේ ගිනි දැල්වීමත්, පහන් රුක දැල්වීමත්, පිදුම් රොටි පිළියෙළ කිරීමත් සහ ව්‍යවස්ථාව දැන්වීමත් ඔවුන්ගේ කාර්යභාරයන් විය.

ජෙරුසලෙම් දේව මාලිගාවේ ශුද්ධාති ශුද්ධස්තානයක් විය (අති ශුද්ධවූ ශුද්ධස්තානයක්). ජුදා ජනතාවගේ ප්‍රධාන වන්දනා ස්ථානය ජෙරුසලෙම් දේව මාලිගාව විය. එම දේව මාලිගාවේ එක් ප්‍රධාන පුජකයෙක් සිටියේය. දන්දීම සහ උපවාසය ඔවුන්ගේ ආගමික සම්ප්‍රදායන් විය. ජුදා ජනතාවට සබත විශේෂ ආගමික පිළිවෙතකි. ඔවුන් එය අකුරටම පිළිපැද්දාහ. ජුදා ජනතාවට ප්‍රධාන මංගල්‍ය කීපයක් විය. ඒ සඳහා ජනතාව දේව මාලිගයට රැස්වුහ. ජනවර්ගය, නිතිය හා පිළිවෙත් පිළිපැදීම අනුව ශුද්ධ හා අශුද්ධ සෙනඟ ලෙස ජනතාව බෙදා තිබුණි. ධර්මශාලා හෙවත් සිනගෝග රාශියක් පලස්තීනය පුරා තිබුණු අතර එම සෑම ධර්මශාලවකම ව්‍යවස්ථාවලිය සහ දිවැසාවලිය තැම්පත් කර තිබුණි.

ධර්මශාලා හෙවත් සිනගෝග භාවිතා කළේ සබත් දින යාච්ඤා කිරීම සඳහාත් ශුද්ධ ලියැවිල්ල පහදා දීම සඳහා ය. සදුසිවරු ආගමානුකූල පිළිවෙත් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ බලසම්පන්න ආගමික කණ්ඩායම විය. ගීතාවලිය ජුදෙව්වරුන්ගේ විශේෂ යාච්ඤා පොතක් විය. පංච පුස්තකයේ නීති සහ පැරැන්නන්ගේ සම්ප්‍රදායන් ජුදෙව්වරුන්ගේ ආගමික නිතිය විය.

ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේට විවිධ යාග පූජා ඔප්පු කරන ලදී. ඒවා නම්,

  • දවන යාග පූජා
  • සභාගිකමේ ජූපා
  • පාප පූජා
  • ධාන්‍ය පූජා
  • සුවඳ දුම් පූජා සහ
  • රොටි පිදීමේ පූජා ය.

ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධාන මංගල්‍යයන් 4 කි. ඒවා නම්,

  1. නුමුහුන් රොටි අනුභව කරන පාස්කු මංගල්‍යය (ලෙවී 23:5-8, නික්මයාම 23:9.21)
  2. නාඹුල් පල හෙවත් පෙන්තකොස්ත මංගල්‍යය (නික්මයාම 23:26)
  3. කූඩාරම් මංගල්‍ය හෙවත් අස්වැන්න මංගල්‍යය (නික්මයාම 23:16)
  4. කැප කිරීමේ මංගල්‍යය (ජොහන් 10:22)

නුමුහුන් රොටි අනුභව කරන පාස්කු මංගල්‍යය ඉන් විශේෂතම මංගල්‍යය විය. සබත් දවස, පශ්චත්තාපයේ දවස සහ පස ඇට මංගල්‍යය ඉශ්රායෙල්වරුන් මීට අමතර පැවැත්වූ වෙනත් ආගමික උත්සව සහ මංගල්‍යයන් වේ.

එලෙසම ඉශ්රායෙල් වරුන්ගේ පාස්කු මංගල්‍යයට සම්බන්ධ පුරාණ මංගල්‍යයන් දෙකක් විය. ඒවා නම් පැරණි එඬේරුන්ගේ මංගල්‍යය සහ කනාන්හිදී පැවැත්වූ අස්වැන්න මංගල්‍යය යි. පැරණි එඬේරුන්ගේ මංගල්‍යය යනු පැරණි එඬේරුන් තම ගව, බැටළු පට්ටි නව තණබිම් කරා ගෙනයාමට පෙර බැටළුවෙකු හෝ එළුවෙකු මරා එම ලේ කුඩාරම් ඉදිරිපිට කණුවල තැවරීමෙන් සිදු කළ මංගල්‍යයයි. පැරණි එඬේරුන්ගේ මංගල්‍යයෙන් අදහස් කරේ සතුන්ට දේව ආරක්ෂාව පැතීමයි.

කනානිවරු තිරිඟු අස්වැන්න නෙලීමෙන් පසු පළමුව නුමුහුන් පූප සදා අනුභව කළහ. (පැරණි මුහුන් මිශ්‍ර නොකර අළුත් මුහුන් සාදන තුරු) මෙය කනාන්හිදී පැවැත්වූ අස්වැන්න මංගල්‍යයයි.

පසුකාලීනව ඉශ්රායෙල්වරුන්ගේ පාස්කු මංගල්‍යයට ඉහත මංගල්‍යයන් දෙක සම්බන්ධ කරන ලදී. එය සිදු වූ ආකාරය සහ එම මංගල්‍යයන් දෙක පාස්කු මංගල්‍යයට සම්බන්ධ වූ ආකාරය පහත වගුවේ දැක්වේ.

කානනිවරුන්ගේ මංගල්‍යයන්නික්මයාම සිද්ධිය තුළ ලැබූ අත්දැකීම්ඉශ්රායෙල්වරුන්ගේ පාස්කු මංගල්‍ය පිළිවෙත්
පැරණි එඬේරුන්ගේ මංගල්‍යය (බැටළු පට්ටි නව තණබිම් කරා ගෙනයාමට පෙර බැටළුවෙකු හෝ එළුවෙකු මරා එම ලේ කුඩාරම් ඉදිරිපිට කණුවල තැවරූහ)මිසරයේ වහල් බැමි වලින් නිදහස ලබා එතෙර වීමට පෙර කුලුඳුලන් මැරීමෙන් බේරීමට බැටළුවෙකු මරා තම නිවෙස් වල උළුවහුවල ආලේප කිරීමපාස්කු බැටළුවා මැරීමේ පිළිවෙත
කනාන්හිදී පැවැත්වූ අස්වැන්න මංගල්‍යය (කනානිවරු තිරිඟු අස්වැන්න නෙලීමෙන් පසු පළමුව නුමුහුන් පූප සදා අනුභව කළහ)ඊජීප්තු දේශයෙන් පිටත් වීමේදී මුහුන් භාවිතා නොකර සෑදු රොටි අනුභව කිරීමපාස්කු භෝජනය (නුමුහුන් පූප පිළිවෙත)
ඉශ්රායෙල්වරු පසු කාලීනව මෙම පිළිවෙත් දෙක එකතු කර පාස්කු මංගල්‍ය ගොඩනැගූහ. එය නිසාන් මස 14 වන දින (මාර්තු හෝ අප්‍රියෙල්) පැවැත්වූහ.  එය තුළ ඔවුන් ඉශ්රායෙල් ඉතිහාසයේ කේන්ද්‍රීය සිද්ධිය වන නික්මයාම සිද්ධිය සමරූහ.

පෙන්තකොස්ත මංගල්‍යය, කූඩාරම් මංගල්‍යය සහ දේව මාළිගාව කැප කිරීමේ මංගල්‍යය පිළිබඳ වැඩිදුර තොරතුරු කිහිපයක් පහත වගුවේ ගොනු කර ඇත.

 පෙන්තකොස්ත මංගල්‍යයකූඩාරම් මංගල්‍යදේව මාළිගාව කැප කිරීමේ මංගල්‍යය
මංගල්‍යය පැවැත්වීමට හේතුවඉශ්රායෙල්වරු මිසරයෙන් නිදහස ලබා මාස එකහමාරකට පසු සීනයි කන්දට පැමිණ සීනයි ගිවිසුම ලබා ගැනීම සැමරීම ඉශ්රායෙල් ජනතාව කාන්තාරයේදී ගත කළ කූඩාරම් ජීවිතය සිහිගැන්වීමටIV වන ඇන්ටියෝක්ස් රජ විසින් දේව මාලිගාව අපවිත්‍ර කිරීමෙන් පසු ඔහු පලවා හැර දේව මාලිගාව නැවත ඔප්පු කිරීම
කාල වකවානුව තිරිඟු අස්වැන්න කපා සති 7 ක් ගිය පසු 50 වන දිනසරත් සෘතුවේ එනම් හත්වන හෙවත් ටිෂ්රි මාසයේ 15 වන දිනදෙසැම්බර් 25 වන දා සිට දින 10 ක්
වෙනත් නම් සති මංගල්‍යය (නික්ම. 34:22, ලෙවී 23:15) අස්වනු මංගල්‍යය තිරිඟු අස්වනු මංගල්‍යය නාඹුල් එල මංගල්‍යය ආලෝකයේ මංගල්‍යය
පිළිවෙත පළමු අස්වැන්න කැපූ දින කරල් පුජාසනය ඉදිරිපිට තබයි.සති 7 කට පසු මංගල්‍යය සිදු කරයි.එහිදී මුහුන් පූප දෙකක් පූජා කරයි.ඉන්පසුව බැටළුවෙකු හෝ ගොන්වස්සෙකු පූජා කරයි.ගෙවතුවල එලදාව (පළතුරු) එක කළ පසු දින 7 ක් පුරා පවත්වනු ලැබේ.සෑම දිනකම උදයේ සහ සවස යාග පූජාවක් ඔප්පු කරයි.අවසාන දිනයේ විශාල යාග පූජාවකිජනතාව ඔලිව් අතු ඟෙන ගී ගයමින් (ගීතා. 30) පෙරහැරෙන් දේව මාලිගාවට ගියහ. (2 මකබි 10:6-8)පෙරහැරේදී ගීතාවලිය 113 සිට 118 දක්වා වූ ගී ගැයූහ දේව මාලිගාවට පැමිණි පසු යාග පූජාවක් විය පහන් දැල්වීම නිවෙස් වල පහන් දැල්වීය පළමු දවස පහන් 1 ක්ද අවසාන වන විට 10 ක්ද දක්වා පහන් වැඩි කළහ
පිළිවෙත්වල බලපෑමකානානිවරුන්ගේ මංගල්‍ය වල බලපෑමක් දක්නට ඇතමෙහි ඇත්තේ අන්‍යාගමික කානානීය පිළිවෙත්ය. 

පෙන්තකොස්ත යන්න ග්‍රීක වචනයකි (පෙන්ටකොස්ටරිස්). එහි අර්ථය දින 50 යන්නයි. පෙන්තකොස්ත මංගල්‍යය පිළිබඳව ශුද්ධ බයිබලයේ අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතෙහි දෙවන පරිච්ජේදයේ සඳහන් වේ. පැරණි පෙන්තකොස්ත මංගල්‍යයට එකතු වූ ජනයා ඉදිරිපිට අපෝස්තුළුවරුන්ට ශුද්ධාත්මයාණන් පහළ වූයේ කිතු තුමන් උත්ථාන වී දින 50 කට පසුව ය. වත්මන් පෙන්තකොස්ත මංගල්‍යයේ අදහස මෙය වේ.

හතරවන ඇන්ටියෝක්ස් රජ ජුදාවරුන්ට බලහත්කාරයෙන් ග්‍රීක සංස්කෘතිය හා ආගම උගන්වන්නට උත්සහ කළේය. ශුද්ධ ලියවිල්ල පුළුස්සා දමා ජුදා නිතිය පිළිපැදීම තහනම් කළේය. ක්‍රි.පූ. 167 දෙසැම්බර් 25 වන දින දේව මාලිගාවේ සියුස් දෙවියාගේ රූපය ස්ථාපිත කළේය. පූජාසනය මත ඌරන් පූජා කළේය. වසර තුනකට පසු මෙම රජු පරාජය කිරීමෙන් පසුව දේව මාලිගාව නැවත කැප කළේය. මෙය දේව මාලිගාව කැප කිරීමේ මංගල්‍යය ලෙස හැඳින්වේ.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *