ශුද්ධ වු සතියේ දේව වන්දනාව තුළ තවත් වැදගත් පිළිවෙතක් ලෙස ශු.තෛල ආශීර්වාද කිරීමේ සහ පූජක පොරොන්දු අලුත් කිරීමේ දිව්‍ය පූජා යාගය හැඳින්විය හැක.
එක් එක් පදවියන් හි ඉදිරි වර්ෂයේ ප්‍රසාද නිධාන දානය කිරීම සඳහා භාවිතා කරනු ලබන ශු.තෛලයන් මෙදින ආශිර්වාද කරනු ලබයි. එනම්,
- SC – SANCTA CHRISMA (ක්‍රිස්මා තෛලය).
ප්‍රසාද ස්නාපනය, අභිවෘද්ධි ආලේපනය සහ පූජාත්වරය යන ප්‍රසාද නිධාන දානය කිරීමේදී භාවිතා කෙරේ.
(සංකේත වර්ණය සුදු / රත්‍රන් – ආශිර්වදලත් බව)
- OC – OLEUM CATECHUMENORUM.
ප්‍රසාද ස්නාපනය ලැබීමට සූදානම් වන්නන් ආලේප කිරීමේ තෛලය.
(සංකේත වර්ණය කොළ – නව ජීවනය)
- OI – OLEUM INFIRMORUM
රෝගීන් ආලේප කිරීමේ තෛලය.
(සංකේත වර්ණය දම් – සුවය / සමාව / මනස්ථාපනය)
තවද තම පූජාත්වර දිනයේදී රාජගුරුප්‍රසාදීන් වහන්සේ හට දෙන ලද පූජකවර පොරොන්දු අලුත් වැඩියා කරමින් ඒ අනූව ජීවත් වන්නට ගරු පූජාප්‍රසාදීන් වහන්සේලා මෙදින පොරොන්දු දෙනු ලබයි.