රදගුරුවරුම හතක් බිහිකළ උතුරේ කයිට්ස් දූපත
අනාදිමත් කලක පටන් මහා තොටුපොළක්ව තිබූ මෙහි ඉතිහාසය මහ පැරකුම්බා රජදවස (1178) දක්වා දිවෙන්නකි.
පරංගින් අලි ඇතුන් ඉන්දියාවට පැටවීමට භාවිතා කළ මේ වරාය කයිස් නමින් එකල හැදින්වුණු අතර ලංදේසි යුගයේ කයිට්ස් ලෙස නම්විණි.
තනිව මගට බැස නගරය දෙසට ඇවිද ගියවිට දුටු දසුන පුදුම එලවනසුලු එකකි. නගරය මැදට වන්නට සිට හතර අත බලන කල පෙනුණේ සුවිසල් දෙව්මැදුරු සතරකි.
එකම ගමක දෙව්මැදුරු හතරක් එකිනෙකට ආසන්නව එනම්,
- සා. මරියා දෙව්මැදුර – 1895 (පෙර 1780)
- සා. අන්තෝනි දෙව්මැදුර – 1820
- සා. ජේම්ස් දෙව්මැදුර – 1815
- සා. ජුසේ දෙව්මැදුර – 1925
මේ සතර පිහිටන්නේ එකිනෙක පෙනෙන දුරිනි.
උතුරේ කතෝලික බලකොටුව ලෙස කයිට්ස් නම් කළද වරදක් නොමැති බව මෙම දෙව්මැදුරු මගින්ද වටහා ගත හැක.
එය වඩා තහවුරු කරන්නක් නම් මෙම දූපත මෙරට කිතු සබයට රදගුරු තුමන්ලා හතක්ම දායාද කර තිබීමය. එය සැබැවින්ම අරුමයකි. ඔවුන් නම්,
- අති උතුම් ජේ. බස්තියම්පිල්ලේ දියොගුපිල්ලේ හිමි – යාපනය
- අති උතුම් තෝමස් සවුන්ද්‍රනායගම් හිමි – යාපනය
- අති උතුම් ලියෝ රාජේන්ද්‍රම් ඇන්තනී හිමි – ත්‍රිකුණාමලය / මඩකලපුව
- අති උතුම් කිංස්ලි ජේ. ස්වාමිපිල්ලේ හිමි – ත්‍රිකුණාමලය / මඩකලපුව
- අති උතුම් ජස්ටින් ඥානප්‍රකාසම් හිමි – යාපනය
- අති උතුම් එමිලියානුස් පිල්ලේ හිමි – යාපනය (මෙතුමා පියාගේ ගුරු රැකියාව නිසා වෙන්නප්පුවේ උපන්නද කයිට්ස් වලට අයත් පවුලක පුතෙකි.)
- අති උතුම් ඇන්ටන් රංජිත් පිල්ලෙනායගම් හිමි (මෙතුමා කයිට්ස් හී කරම්පන් ප්‍රදේශයේ පවුලකින් එන්නෙකි)
කොබ්බෑකඩුව විරුවාට සම්බන්ධ අරාලි තුඩුව පිහිටියේ ද මෙම කයිට්ස් හීය.
(මාධව ජයකොඩි )