කතෝලික පියතුමන්ලා වර්ග දෙක
කතෝලික පියතුමන්ලා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකි ය. එම වර්ග දෙක නම්,
- පදවි පූජක (Diocesan/ Secular Priests)
- පැවිදි පූජක (Religious Priest)
මෙම පියතුමන්ලා මෙලෙස පදවි සහ පැවිදි පූජක ලෙස බෙදා ඇත්තේ කුමන කාරණයක් නිසා දැයි සොයා බලමු.
පදවි පූජක (Diocesan/ Secular Priests)
පදවි පූජක තුමන්ලා,
- සදාකාලිකව එකම භූමි ප්‍රාදේශයක් තුල (පදවිය/diocese) සේවාව ඉටු කරයි.
- එම තෝරාගත් භූමි ප්‍රාදේශය බිෂොප්වරයෙක් (Bishop) විසින් පාලනය කරනු ලබයි.
- දිළිඳකම (Vow of Poverty) යන පොරොන්දුව නොගනි. එම නිසා දේපල හා යාන වාහන අයිතිය හා පරිහරණයට අවසර ඇත.
- ප්‍රධාන වශයෙන් වත්පිලිවෙත් හා බැඳුණු මීසම් සේවාව(Parish Ministry) හා අනෙකුත් අපෝස්තලික සේවාවන් කෙරෙහි අවධානය යොමු කරයි.
- තමා තෝරාගත් භූමි ප්‍රදේශය බාරව සිටින් බිෂොප්වරයා විසින් පනවන සේවාව හා පදවි නීතීරීති මාලාවන් (Diocesan decrees) යටතේ ජීවත්වීමට සිදුවේ.
- විශේෂ අවස්ථා හැරෙන්නට, සේවාවේදී අනෙකුත් භූමි ප්‍රදේශ (other dioceses) සමග අන්‍යොන්‍ය සම්බන්ධතා නොමැත.
උදා:- කොළඹ පදවිය, මහනුවර පදවිය, යාපනය පදවිය, මඩකලපුව පදවිය , etc.
පැවිදි පූජක (Religious Priest)
පැවිදි පූජක තුමන්ලා,
- නිකායක (Religious Congregation) සාමාජිකයකුවේ. ලෝකයේ ඕනෑම රටක සේවාවේ යෙදවීමට හැකියාවක් ඇත. නිශ්චිත භූමි ප්‍රදේශයක් නැත.
- සමාජිකයින් විසින් අවුරුදු කිහිපයකට තෝරාගනු ලබන ජෙනරාල් පියතුමා විසින් තම නිකාය පරිපාලනය වේ. ප්‍රාදේශියාදිපතිවරයෙකු (Provincial) විසින් කුඩා ඒකක වශයෙන් පාලනයවේ.
- වෘතශුද්ධිය (Celibacy), කීකරුකම (Obedience), දිළිඳකම (Poverty) යන ප්‍රධාන පොරොන්දු (වේදභාර/Vows) ගෙන, සාංඝික ජීවිතයක් (Community life) ගතකරයි.
- විවිධ වූ නිකායන් සදහා විවිධ වූ සේවාවන් ඇත. ඒ කරිස්මාව (Charism) අනුව ආගමික වත්පිලිවෙත් වලට පමණක් සීමා නොවු, විශ්වීය හා සමාජීය සේවාවක නියත වෙයි.
- පැවිදි පූජක පුහුණුව දීර්ඝ වේ.
උදා:- ෆ්‍රැන්සිස්කන් නිකාය, ජේසු නිකාය, නිමල මරියගැති නිකාය, බෙනදිකානු නිකායන්, etc..