පුන ගැයුම:
පියාණනී මවෙත ආදරෙන් වඩාලන්න නිබඳ දරු සෙනින්
මියෙමි මම් බරින් පණක් දෙන්න ඔබගෙ අනුහසින්
දෑස ලදිමි ඔබ නිසා නොබැලුවෙමි මම
සවන් ලදිමි ඔබ නිසා නොඇසුවෙමි මම
කෙලෙස් බවින් උදම් වෙලා අඳුරෙ ගැලුණු මම
දුවමි යලිදු ඔබගෙ තුරුලට
පියලි වියලි මිලින මලක් කුමට පුදසුනේ
සසල හදට සුසුදු අතට නොවෙද පියෙ ඔබේ
කමා කරන් නිරා දුකින් එතෙර දකින ලෙසේ
ලයෙන් ලයට කුමරු වඩිනසේ
හෙටක් කියා දිනක් ඇතත් කඳුළු දකින විට
ලොවේ සියල් අසිරි සිරින් පලක් නැහැ මට
පියෙණි කියා සුසුම් හෙලා හඬක් නගන විට
ලඟින් ඉන්න ආදරෙන් මට