ඔබ අමතන මා ඔ‍බෙ දෙවිඳුන් වෙමි
සුභ වදන දෙසන්නට ඔබ කැඳවන්නෙමි
එන්න මගෙ පුතේ එන්න මගෙ දුවේ
දෙස් විදෙස් සිසාරා මගෙ පෙම කියන්න
කැමැත්ත පවසන්නේ…

මිදුම කියන්නට වහල් දනන් හට
සිරගත වූවන් මුදවාලන්නට
අන්ධ දනන් හට පෙනීම දෙන්නට
සමිඳු වසර පවසන්නට දුගිනට

මුහුදු හතක් ඈතින් ඇති රටකට
පවුරු වළල්ලෙන් එපිට දූපතට
යවනට දහම් දූතයෙකු ‍විලසට
කැමතිද දුව පුත ඔබ කැපවන්නට

දහම් දූපතේ උපත ලැබූ ඔබ
දහම දෙසන්නට මගෙ කැඳවුම ලැබ
වෙලා මංමුලා දුවයන ඔබ මොබ
රැස් කරගනු දන මගෙ සෙවනේ සුභ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *