නැති වුණු කාසිය පිළිබඳ උපමාව
ලූක් 15:8-10
තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”රිදී කාසි දසයක් ඇති කවර ස්ත්රියක හෝ ඉන් එකක් නැති වුවහොත් පහනක් දල්වා, ගෙය අතුගා, එය සම්බ වන තුරු අස්සක් මුල්ලක් නෑර ඕනෑකමින් සොයන්නේ නැද් ද?
එය සම්බ වූ විට ඈ මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්රීති වන්න; මාගේ නැති වූ රිදී කාසිය සම්බ වී ය’යි ඔවුන්ට කියන්නී ය.
එලෙස ම පසුතැවී සිත හරවා ගන්නා වූ එක පව්කාරයකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”