නමෝ මරිය තුනේ නුවානය

|

උදේ සවස/හෝ රාත්‍රී නින්දට පෙර කියන්න

උදේ: මරියාවනී, මාගේ කරුණාවන්ත මෑණියනී, සියලු මාරාන්තික පාපයෙන් අද මා ආරක්ෂා කළ මැනව!

රාත්‍රියේ: අහෝ මාගේ කරුණාවන්ත මෑණියනී, සියලු මාරාන්තික පාපයෙන් මේ රාත්‍රියේ මා ආරක්ෂා කළ මැනව!

අහෝ නිර්මළ මරියතුමියනී, අති බලවත් වූ කන්‍යාවනී, සදාතන දෙවිපියාණන්ගෙන් ලැබුණු එම අතිමහත් වූ බලය තුළින් මාහට පාරිශුද්ධ හදවතක් ලබා ගැනීමටද, මාගේ සෑම ආත්මීය සතුරන්ගෙන් ජය ගැනීමට ශක්තිය සහ මෙ මොහොතේ මා ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින මාගේ වර්ථමාන අවශ්‍යතාවය වෙනුවෙන් විශේෂ පිහිටපතා යාච්ඤා කරන මෙන් අයැද සිටිමි.

ඉල්ලීම සදහන් කරන්න.

අති සුවිශුද්ධ වූ මාතාවෙනී, මා අත් නොහැරිය මැනව, මාගේ යාච්ඤාව හෙළා නොදකිනු මැනව, දෙවියන්වහන්සේගේ මහිමය, ඔබගේ ධාර්මිෂ්ඨකම සහ මාගේ ආත්මීය ශුබ සිද්ධිය උදේසා කරුණාවෙන් මට සවන් දුන මැනව.

මෙම මැදිහත්වීම ලබා ගැනීම උදේසා මෙය උච්චාරණය කරමින් ඔබගේ බලපරාක්‍රමයට ගෞරවකරමි:

නමෝ මරියනී…

අහෝ කන්‍යා මරියතුමියනී! මාගේ මෑණියනී! දේව වචනයෙන් ඔබ වෙත ප්‍රත්‍යක්ෂ වූ ඒ අනගිභවනීය ප්‍රඥාව තුළින්, මාහට නිහතමානී සහ යටහත්පහත් හදවතක්ද, දේව කැමැත්ත පිළිබද පූර්ණ දැනුමක් සහ එය සෑම මොහොතකම ඉටු කර ගැනීමට ශක්තියද ලබාදෙන ලෙස ඉතා කාරුණිකව ආයාචනා කරමි.

අහෝ මරියනී! ප්‍රඥාවේ ආසනයෙනී! මෘදු මවක් ලෙස කිතුණු ගුණදම් හා පරිපූර්ණත්වයේ මාවතේ මා ගෙන ගිය මැනව. ඔබගේ ප්‍රේමණීය පුත්‍රයාණන්ට වඩාත් ප්‍රියමනාප දේ කිරීමට මට අවබෝධය සහ බලය ලබා දුන මැනව. මාගේ ඉල්ලීම බාර ගත මැනව.

මෙම වරප්‍රසාදය ලබා ගැනීම උදේසා මෙය උච්චාරණය කරමින් ඔබගේ ප්‍රඥාවට ගෞරවකරමි:

නමෝ මරියනී…

අනේ දයාවේ මෑණියනී! පසුතැවිලි වන පව්කාරයින්ගේ මෑණියනී! පාපී සහ දූඛදායක ලෙස මම ඔබ ඉදිරියේ සිටිමී. මා දෙවියන් වහන්සේට ප්‍රේම කරන බැවින්, මාගේ මුලු හර්දයෙන් වෛරකරන, පිළිකුල් කරන මාගේ පාපයන් සදහා සැබෑ සහා පරිපූර්ණ පසුතැවිල්ලක් ලබා දෙන ලෙස අසරණ පව්කාරයින් වන අප උදේසා ශුද්ධාත්මයාණන් විසින් ඔබට ලබාදී ඇති අසීමිත ප්‍රේමයෙන් ඔබෙන් අයදිමී.අති දයානුකම්පිත ආදර අම්මේ! මාගේ මේ වර්තමාන අවශ්‍යතාවයට උදව් වුව මැනව.

අහෝ කාරුණික! අහෝ ආදරණීය! අහෝ ප්‍රේමණීය මාතාවෙනී ඔබගේ දයාවේ දෑස් අප වෙත හැරුව මැනව. මෙම වටිනා ත්‍යාගය ලබා ගැනීම උදේසා මෙය උච්චාරණය කරමින් ඔබගේ ප්‍රේමණීය වූ දයාවට ගෞරවකරමි:

නමෝ මරියනී…

මේ හා සම්බන්ධ වෙනත් ලිපි