හෙළ කිතුනු ගීතිකාවේ ජයකොඩි පිය ලකුණ
ගරු මර්සලින් ජයකොඩි (නි.ම.නි) පූජාප්‍රසාදින් වහන්සේ (1902-1998) හෙළ කලාවේ පෑ පෙළහර අනභිභවනීයය. බොහෝ ගීතිකා රචකයින් ගේ භූමිකාව ඊටම සීමා වුවත් ජයකොඩි පියතුමා ඉන් ඔබ්බට මහා කිවියෙකි, ගීත රචකයෙකි,පුවත්පත් කලාවේදියෙකි.
කිතුනු ගීතිකාවට අපේ ගතිය කාවැද්දූ එතුමා 1934 දී ලියූ සපිරි සෑම අසිරි සෝම හා රෑ තරු බබලනවා අදත් එකසේ ගැයෙන්නේය. එතුමා පැබැදූ ගීතිකා තේමා කීපයකින් ගොනු කළ හැක.
- කිතු සමිදුන් අරබයා – රොනට වදින,මල් සුවදේ, කල්වාරියේ ලෝපව් නිසා
- දේවමාතාවන් අරබයා – නෙලුම් පිපිලා, සුවද ජලේ, දෙපා ළඟ තබාලා, ශ්‍රි ලංකා රාණි මෑණියේ , ඔබෙ සෝබන අත් , සිඹිමුව ඔබෙ, පැනිබර වනමල්, මංගල වේවා , සුවද සැවැන්දන, පාතිමාවේ මෑණි
- පාස්කු ගීතිකා – යහනක විලසෙ, කුරුසේ නැග, වාදනවේ, සෙවනැලි මත
- නත්තල් ගීතිකා – රෑ තරු, රැයක අදුර, බෙත්ලෙහෙමෙ අද රෑ, නිසසල ඒ, සීනු හඩින්
- දිව්‍ය සත්ප්‍රසාදය අරබයා – සිරස නමා, ජේසු දෙවියනි.
මේ එතුමන් බැඳී ගීතිකා වාපියෙන් දිය දෝතක් පමණි. සිංහල ගීතිකාවට සිංහල පෙනුම ලබාදුන්නේ මෙතුමාය.
මැද පෙරදිග විසූ දේවමාතාවන් ලංකා මල් පොකුණේ පිපි කුමුදිනිය සේ, ලංකා දීපයේ දීපය ලෙස, ලංකා රූපයේ හැඩය ලෙස, ශ්‍රි ලංකා රාණි මෑණියන් ලෙස, ලක්දිව ලස්සන මුතුමැණිකේ ලෙස දුටුවේ මෙතුමාය.
නත්තල ලක් පොළොවේ මාංශගත කළ එතුමා කැරොල් ගීයට මහවැලි ගඟ, අරලිය වතුසුදු මල් මුසු කළේය.
සරල මටසිළුටු ගැමි බස් වහර ඉතා ළගන්නා අයුරින් ගීතිකාවට මුසු කළේ එතුමාය.
මෙතුමාගේ නාමය ඉතිහාසගත කළ තවත් කරුණක් නම් “රේඛාව” චිත්‍රපටයයි.
එහි ඕලු නෙළුම්, වෙසක් කැකුළු, සීගිරි ළදකගෙ, අනුරාපුර පොළොන්නරුව, සුදු සඳ එළියේ වැනි සදා අමරණීය ගීත දැයට තිලිණ කළ එතුමා ඊට අමතරව කහවන් ගොයමට වැනි අරුත්බර ගීත රැසක් නිර්මාණය කළේය.
පළමු නිදහස් දින උත්සවය වෙනුවෙන් ජාතික ගීය පුහුණු කළේ ද මෙතුමන් වන අතර ජාතික කවි සම්මේලනයේ සභාපති ලෙස තේරි ස්වර්ගස්ථ වනතුරුම එම තනතුර හෙබවීය.
එතුමාගේ “මුතු” කවි එකතුවට හොඳම පැදි නිමවුම් වෙනුවෙන් ජනාධිපති සම්මානද පසුව පිලිපීන රජයෙන් මැග්සයිසයි සම්මනයද හිමිවිය.
ජයකොඩි පියතුමා කිතු සබය තුළ කල තවත් සේවාවාන්,
- සංස්කාරක – ඥානාර්ථ ප්‍රදීපය
- මීසම් සේව- පයාගල , දූව, කටාන, මග්ගොන
- අධ්‍යාපන සේවය – සා. පැට්‍රික් විදුහල යාපනය , සා. පීතර විදුහල