ගරු ඒ.ජේ.එම්. ලැම්බට් (නිමනි ) පූජාප්‍රසාදින් වහන්සේ (1909-1996)

ගරු ඒ.ජේ.එම්. ලැම්බට් (නිමනි ) පූජාප්‍රසාදින් වහන්සේ (1909-1996)

| |

තමන් වෙත පවරන ලද දූතමෙහෙවර නිමවා සුවිසි වසකට මත්තෙන් අදවන් දිනෙක (1996/07/06) සගසැපත් ගරු ඇල්ෆ්‍රඩ් ජෝශප් මාරි ලැම්බට් (නිමනි ) පියතුම සමරමු. එතුමන් වෙනුවෙන් යදිමු.

මව්බිම වූ ප්‍රංශය අතැර 1935 දී ලක්දිවට සැපත්වූ එතුමා සහයක මීසම් සේවක ලෙස කටයුතු කළ පසු 1938 සිට 1982 දක්වා අගරදගුරු වසමේ මෝදර, කඩලාන, වැලිගම්පිටිය, පමුණුගම, තුඩැල්ල හා ඉදිගොල්ල යන මීසම් වල එඩේරාණන් ලෙස මහරු මෙහෙවරක් ඉටුකළේය.

තුඩැල්ලේ එතුමාගේ දූතමෙහෙවර වසර එකොළහක් වූ අතර ඉදිගොල්ල සිද්ධස්ථානයේ සේවය වසර 14 කි.

අල්ප දේ පිළිබඳ විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැන විශ්වාසීය යන සමිදු වදන එතුමන් තුළ පැහැදිලිව පෙනුණකි. එමනිසාම “යහපත් විශ්වාසී දාසය, ඔබේ ස්වාමියාණන්ගේ ආනන්දයට පිවිසෙන්න” යන වදන එතුමන් සවනත වැකුණා නොඅනුමානය.

1996 ජූලි 6 දා කොහුවලදී සගසැපත් වූ එතුමාගේ දේහය අවසානයේ තුඩැල්ල දෙව්මැදුර වෙත ගෙනැවිත් මිහිදන් කෙරුණේ එතුමන් විසින් තනන ලද පාතිමා සිහිවටනය පාමුලය.

ඒ රදගුරුවරු කීපනමක් සමග තුඩැලු දෙව්මැදුර පිරීතිරි ගිය ගිහි,පැවිදි , පූජක පිරිසකගේ සහභාගිත්වයෙනි.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි