Site icon Catholic ENCY | සිංහල කතෝලික වෙබ් අඩවිය

භාග්‍ය අට හෙවත් මංගල වාක්‍ය

kanda uda deshanaya

කන්ද උඩ දේශනාවේ දී ජේසුස් වහන්සේ වදාළ ප්‍රධාන ඉගැන්වීමක් වූයේ භාග්‍ය අටයි. භාග්‍ය අට තුළින් මතු කර ගත හැකි සාරධර්ම පහත පරිදි පෙළ ගැස්විය හැකි ය.

බැගෑ සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය ; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.”

    “ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ සැනසීම ලබන්නෝ ය.”

    නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ දේශය උරුම කර ගන්නෝ ය.”

    යුක්තියට සා පිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ තෘප්තිමත් වන්නෝ ය.”

    දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ දයාව ලබන්නෝ ය.”

    නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ දෙවියන් වහන්සේ දකින්නෝ ය.”

    සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.”

    යුක්තියට උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.”

    Exit mobile version