දේව මාතාවන් ශුද්ධවූ ජපමාලය උච්චාරණය කරන අය සඳහා ශුද්ධවූ දොමිනික්තුමා මගින් දී ඇති පොරොන්දු
දේව මාතාවන් ශුද්ධවූ ජපමාලය උච්චාරණය කරන අය සඳහා ශුද්ධවූ දොමිනික්තුමා මගින් දී ඇති පොරොන්දු පහත පරිදි වේ.
- ජපමාලය විශ්වාසවන්තව යදින අය, අනෙක් වරප්රසාදයන්ට හේතුවන්ත වන්නාහ.
- ජපමාලය නිති පතා යදින්නන්ට, මම විශේෂ රැකවරණය හා වරප්‍රසාද පොරොන්දු වෙමි.
- සාතන්ට විරුද්ධව කෙරෙන සටනේ දී, ජපමාලය කිතුනු ආයුධයක් වන්නේය.
- එමගින් ගුණධර්ම හා යහපත් ක්‍රියා වඩන්නේය. දෙවිඳුන්ගේ අසීමිත කරුණාවට පංගුකරුවන් වන්නාහ.ලෞකිකත්වය මනුෂ්‍ය හදවත් වලින් දුරුකර, සදා දේව ජීවිතයට ඇළුම් කරවන්නෝය.
- ජපමාලයට විශ්වාසවන්ත වීමට ඇළුම් වන්නා විනාශයට පත් නොවන්නේය.
- ජපමාලයට විශ්වාසවන්ත වන්නා, හදිසි මරණයකට පත් වූවත්, විනාශ මුඛයට පත් නොවී, සදාකාල ගැළවීම ලබා ගන්නේය.
- ජපමාලයේ භක්තිය ඇතිව ජීවත් වන්නාට, සිය මරණයට පෙර දේව ප්‍රසාද නිධාන ලැබ ගන්නට අවස්ථාව ලැබෙන්නේය.
- ජපමාලයට විශ්වාසීව දිවි ගෙවන්නා ජීවිතයේදීත් මරණයේදීත් වරප්‍රසාද පිරි, ජීවනාලෝකය ලැබ මරණයෙන් පසු සුරදූතයන් සමග ස්වර්ගික දිවියට පංගුකාර කරන්නෙමි.
- ජපමාලයට විශ්වාසවන්ත වන අය, ශුද්ධිකාග්නි ස්ථානයෙන් මම මුදවා ගන්නෙමි.
- විශ්වාසය ජපමාලය යදින්නා, ස්වර්ගයේ උසස් තැනකට හිමිකම් ලබන්නෙක් වේ.
- ජපමාලය අයැද මගෙන් යමක් ඉල්ලන්නා, ඒ සැමදේ ලබා ගන්නේය.
- ජපමාලය ව්‍යාප්ත කරන්නා මගෙන් ඉල්ලන සැමදේ ලබා ගන්නේය.
- ජීවිතයේදීත් මරණ මොහොතේදීත් සගපුර සකල සුරදූතයන්ගේ රැකවරණය, ඔවුන්ට ලබා දෙන ලෙස මා දිව්‍ය පුත්රයාණන්ගෙන් වරය ලබා ඇත.
- ජපමාලය යදින අය මාගේ දරුවෝය. මා පුත් ජේසු තුමාගේ සහෝදර සහෝදරියෝ ය
- ජපමාල භක්තිය, ස්වර්ග රාජ්‍යයට හිමිකරුවෙකු වීමේ මඟකි.
නමෝ මරිය යැදුමේ බල මහිමය
ශුද්ධ වු මැක්ටයිල්ඩ් (St. Mechtilde) මුනිවරියගේ අත්දැකීම
දිනක් ශුද්ධ වු මැක්ටයිල්ඩ් (St. Mechtilde) මුනිවරිය යාච්ඤා කරමින් හා භාග්‍යවත් අම්මා කෙරෙහි තමාට ඇති ආදරය පෙර කළාට වඩා හොඳින් ප්‍රකාශ කළ හැකි ආකාරයක් ගැන සිතීමට උත්සාහ කරමින් සිටියදී, ඇය ධ්යානපරවසම් වූවාය. (එනම්, දේව මාතාවන්ගේ ස්වර්ගීක අනාවරණයට විවෘත විය)
අප ස්වාමි දූ ඇගේ ළය මත දීප්තිමත් රන් අකුරින් දේවදූත ආචාරය ඇතිව ඇයට දර්ශනය වී මෙසේ කීවාය, “මගේ දියණිය, කිසිවෙකුට ශුද්ධ වු ත්‍රිත්වය විසින් මා හට එවන ලද ආචාරය පැවසීමට වඩා මා සතුටු කළ නොහැකි බව ඔබ දැනගන්නවාට මම ප්‍රිය වෙමි. මෙයින් මා දෙවියන් වහන්සේගේ මව යන ගෞරවය සඳහා උන් වහන්සේ මා ඔසවා තැබූ සේක.”
“ ‘නමෝ’ (ආවේ) යන වචනයෙන් (ඊව් යන නම, ඒව) මා ඉගෙනගත්තා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අසීමිත බලයෙන් සියලු පාපවලින් සහ එයින් පළමු ස්ත්‍රියට යටත් වූ දුක්ඛිත තත්වයෙන් මා ආරක්ෂා කළ බැව්.”
“ ‘ආලෝකයේ ස්වාමි දුව’ යන අර්ථය ඇති ‘මරිය’ යන නාමයෙන් පෙන්වන්නේ දෙවියන් වහන්සේ මට අහස හා පොළොව ආලෝකමත් කිරීම සඳහා දීප්තිමත් තාරකාවක් මෙන් මා ප්‍රඥාවෙන් හා ආලෝකයෙන් පුරවා ඇති බවයි.”
“ ‘ප්‍රිය ප්‍රසාද පුර්ණවන්තියනී’ යන වචනවලින් ශුද්ධාත්මයාණන් වහන්සේ මා කෙරෙහි බොහෝ වරප්‍රසාද ලබා දී ඇති බවත්, මැදිහත්කාරිය (මීඩියේට්රික්ස් යනු සකල වරප්‍රසාදයේ මැදිහත්කාරිය) ලෙස මා හරහා අයදින අයට මෙම වරප්‍රසාද බහුල ලෙස ලබා දීමට හැකියාව ඇති බවත් මට මතක් කර දේ.”
“ ‘ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය’ යන වදන් මිනිසුන් පවසන විට සදාකාලික වචනයාණන් මගේ කුස තුළ මාන්ශගත වූ විට මා ලැබූ ඒ කියා විස්තර කළ නොහැකි ආනන්දය ඔවුන් අලුත් කරයි.”
“ ‘ස්ත්‍රීන් අතුරින් ආශීර්වාද ලද්දී ඔබ වහන්සේය’ කියා ඔබ මට පැවසන විට, ප්‍රීතියේ උච්ඡස්ථානයට මා එසවූ සියළු බලැති දෙවිදුන්ගේ දේව දයාව මම ප්‍රශංසා කරමි.”
“ ‘ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශීර්වාද ලද්දාවුමය’ යන වචනවලින් මාගේ පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයන්ව ගලවා ගැනීම ගැන වන්දනාවට හා මහිමයට පත් කර සිටිනු දැක මුලු ස්වර්ගයම මා සමඟ ප්‍රීති වේ.
ශුද්ධ වු ග්‍රෙගරි ලුවිස් ද මොන්ෆර්ට් තුමන් විසින් රචිත ‘ජපමාලයේ රහස’ නම් ග්‍රන්ථයේ ‘දාහත් වන රෝස කුසුම-සුන්දරත්වය’ පරිච්ඡේදයෙන් උපුටනයකි.
ගේබ්‍රියෙල් අමෝර්ත් පියතුමාගේ අත්දැකීම
ගේබ්‍රියෙල් අමෝර්ත් පියතුමා ඉතා ප්‍රසිද්ධියක් උසුලන අතර වතිකානුවේ ප්‍රධාන යකුන් දුරු කරන්නා වේ. ඔහු මෙසේ ලියයි. දිනක් මගේ සගයකු යකුන් දුරු කරන අවස්ථාවකදී යක්ෂයා පැවසූ දේ අසා සිටියේය.
“සෑම නමෝ මරිය ක්ම මගේ හිසට පහරක් වැනිය. ජපමාලය කොතරම් බලවත්ද කියා ක්‍රිස්තියානීන් දැන සිටියා නම් එය මගේ අවසානයයි. ”
අපේ ආදි මවුපියන් පාපයට වැටුනු පසු දෙවියන් වහන්සේ යක්ෂයාට මෙසේ පැවසීය, “තා (යක්ෂයා) සහ ස්ත්‍රිය (දේවමාතාවන්) අතර ද තගේ වංශය සහ ඇගේ වංශය (ඇගේ වංශය ‘her seed’ : ජේසුස් වහන්සේ) අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.” (උත්පත්ති 3:15 )
දේව මාතාවන් යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට ජනිත කිරීම සඳහා මහිමෝත්තම දෙවි සමිඳාණන් විසින් වෙසෙසින් තෝරා ගන්නා ලද පිවිතුරු කාන්තාවයි. ලොවෙහි උපන් කාන්තාවන් අතරින් කෝටි සංඛ්‍යාත ජනතාවගේ ප්‍රසාදයට, ගෞරවයට පාත්‍ර වූ තවත් කාන්තාවක් නැතැයි කිවහොත් එය නිවැරදිය.
ජම්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුණු මරියෝත්තමාව තරම් ආශිර්වාදලත් කාන්තාවක් නැතැයි කියන්නේ ‘දේව පුත්‍රයාගේ මව’ වීම නිසාය. ලොවෙහි අසිරිමත් සිද්ධින් රාශියක් සිදු කරමින්, දර්ශනය වෙමින්, බොහෝ ජනතාව තමන්ගේ පව් වලින් හැරි ජේසු වෙතට කැඳ වූ උත්තමාවිය එතුමියයි.
ශුද්ධ වූ බර්නදෙත් තුමියගේ අත්දැකීම
1858 වර්ෂයේ දී ප්‍රංශයේ ලූර්දු නුවර එතුමිය දර්ශනය වූ ස්ථානයේ මතු වූ ‘ආශිර්වාදලත් ජල උල්පත’ අදත් නොසිඳී පවතිමින් ලොව දසතින් පැමිණෙන ජනතාවට සුවය, සහනය, සතුට දෙන අයුරු විස්මපත් විය යුතු වෙයි. ලූර්දුවේ දී දේවමාතාවන් දර්ශනය වුනු බර්නදෙත් තුමිය ද අද සාන්තුවරියකි.
එතුමියගේ නොදිරූ සිරුරද අදත් ජීවමාන ස්වරූපයෙන් ප්‍රංශයේ කන්‍යාරාමයක තැන්පත් කර ඇත. මෙයාකාරයෙන් බොහෝ රටවල විවිධ නගර ගම්වල දේව මාතාවන් දර්ශනය වීම් වාර්තා වී ඇත. මෙවන් අසිරියක් අත්දුටු වෙනත් කාන්තාවක් ලොව මෙතෙක් සිට නැති අතර, ස්වර්ගයේ සිටිමින් එදා මෙදා තුර අපට ආසිරි වැසි වස්වන්නේ ය.
ශු. කැතරින් ලැබොරේ පැවිදි සොහොයුරියගේ අත්දැකීම
එසේම “පුදුම පදක්කම” ලෙසින් කතෝලික සැදැහැවතුන් මහත් භක්තියකින් ගෙලවටා පළඳින දේව මාතාවන් ශු. කැතරින් ලැබොරේ නමැති පැවිදි සොහොයුරිය ට ප්‍රකාශ කළ පදක්කම අද ලොව පුරා “දේවාසිරි” බහුලව වස්වන්නක් බවට පත්ව ඇත.
එම සොහොයුරිය අද ශුද්ධවන්තියක් ලෙසින් ලොව පුරා කතෝලිකයන් අතර ගෞරවාදරයට පාත්රව සිටී. එතුමියගේ නොදිරූ දේහය “ප්‍රංශයේ, රූ ද බක්” නම් ස්ථානයේ දෙව්මැදුරේ අදත් දැකගන්නට ඇත.
“දේව මාතාවන්” වීමේ උත්කෘෂ්ට වරම ලැබූ මරියෝත්තමාවෝ විශ්වය පුරා ගරු බුහුමන් ලබන්නාහ. ශුද්ධ වූ දේශයේ එතුමිය ජීවත් වූ පරිසරයේ ස්වභාවය දැක බලා ගැනීමට අපට අදත් පිළිවන. ජේසු සමිඳාණන් පා පහස ලද ශුද්ධ වූ දේශය “වරප්‍රසාදයේ දේශය” ක් ලෙසින් සුප්‍රකට ය. ජේසුස් වහන්සේ සංචාරය