fransis saviyar munidun

ශුද්ධ වූ ෆ්‍රැන්සිස් සාවියර් මුනිදුනට කැපකළ දේවස්ථාන

|

මෙම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ පිහිටි ශුද්ධ වූ ෆ්‍රැන්සිස් සාවියර් මුනිදුනට කැපකළ දේවස්ථාන පිළිබඳව විස්තරයක් ඔබ වෙත ගෙන එමු.

දෙසැම්බර් 03දා ධර්මදූත රටවල මංගලෝත්සව දිනයක් ලෙස ශු.සභාව නම් කොටැත්තේ එදින ධර්ම දූතවරුන්ගේ නාමසාන්තුවරයා වන ශු. ෆ්‍රැන්සිස් සාවියර් (ක්ෂේවියර්) තුමාගේ මංගල්‍යය යෙදෙන නිසාය.

ජේසු නිකායික දහම් දූතයෙක් ලෙස ස්පාඤ්ඤයේ සිට පෙරදිගට පැමිණි එතුමා ඉන්දියාවේත් අනතුරුව ඈත පෙරදිග රටවලත් කිතුදහම පතුරුවා හරිමින් කළ සේවය ධර්ම දූතයින්ගේ නාමසාන්තුවරයා ලෙස හැදින්වීමට තුඩුදී ඇත.

තවද එතුමා මන්නාරම් ප්‍රදේශයටත්, ගාල්ල ප්‍රදේශයටත් පැමිණි බවට ජනප්‍රවාද පවතී. කෙසේ වෙතත් දිවයිනේ සියලු රදගුරු වසම් වල එතුමාගේ නමට කැපකළ දේවස්ථාන සැලකිය යුතු ප්‍රමාණයක් හමුවීමෙන් පෙනීයන්නේ එතුමා පිළිබඳ බැතිය අප රට තුළ පැතිරී පවතින්නක් බවයි. ඉන් කීපයක් නම්,

  1. කොළඹ අගරදගුරු වසම – වෑවල (ජාඇළ ) , හල්පෙ (කටාන), සපුගස්කන්ද , පැළපොල්වත්ත (පයාගල), අඟුලාන (මොරටුව ), හැඳල ලාදුරු රෝහල
  2. යාපනය රදගුරු වසම – තිරුනවේලි , කුලමාන්කල්, සක්කෝඩෙයි, නගර්කෝවිල්, පරන්තන් , තර්මපුරම්, පුන්කුඩතිවු, ඩෙල්ෆ්ට්
  3. මන්නාරම පදවිය – අට්කඩ්ඩිවේලි, තේවන්පිට්ටි, සින්න පන්ඩිවිරිච්චාන්, වේලාකුලම්, කීලියන්කුඩිරිප්පු, සිලාවතුරෙයි, චෙඩ්ඩියාර්මකන්, සුන්තරපුරම්, පුලියන්කුලම්
  4. හලාවත පදවිය – උඩප්පුව, තල්ගස්අගාර , මාම්පුරිය, කට්ටයිකාඩු, උල්හිටියාව, වයික්කාල
  5. කුරුණෑගල පදවිය – තල්ගහපිටිය, වැල්ලව, උඩුපිටිය
  6. මහනුවර පදවිය – නුවරඑළිය , කඩුගන්නාව , නෝර්වුඩ්
  7. මඩකලපුව පදවිය – අලිගම්බේ, කොක්කඩිචෝලේ
  8. රත්නපුර පදවිය – ගුරුගල්ල , ඇහැලියගොඩ , ගලබොඩ , රාස්සගල, කිරිමැටිතැන්න
  9. ගාල්ල පදවිය – කලේගාන
  10. අනුරාධපුර පදවිය – කැකිරාව
  11. බදුල්ල පදවිය – ගෝනකැලේ (පස්සර)

මෙම දේවස්ථාන වලට අමතරව යාපනය පදවියේ පිහිටි මහ දෙව්සත්හලත්, ගාලු පදවියට අයත් කුඩා දෙව්සත්හලත් එතුමාගේ නමට කැපකොට ඇති අතර දිවයින පුරා එතුමාගේ නමින් පාසල් ගණනාවක් ඇත.(උදා.මාරවිල, මන්නාරම, වෑවල)

අතීතයේ එතුමාගේ නමින් ස්වදේශීය පැවිදි සොයුරියන්ගේ නිකායක් පවා මෙරට තිබී ඇති අතර කොටහේන හා මීගමුව කේන්ද්‍ර කරගනිමින් පැවති එම නිකාය 1957 දී යහපත් එඩේරාගේ නිකාය හා ඒකාබද්ධ වී ඇත.

එසේම අම්පිටියේ පැරණි ශුද්ධෝත්තම පිය දෙව්සත්හලද (Papal Seminary) කැපකර තිබුණේ මෙතුමන් නමිනි.

අම්පිටිය දෙව්සත්හලේ දේවස්ථානය
අම්පිටිය දෙව්සත්හලේ දේවස්ථානය
කලේගාන දෙව්සත්හල
කලේගාන දෙව්සත්හල
යාපනය දෙව්සත්හල
යාපනය දෙව්සත්හල
වෑවල දේවස්ථානයට අයත් ඉපැරැණි ප්‍රතිමාව
වෑවල දේවස්ථානයට අයත් ඉපැරැණි ප්‍රතිමාව
ගුරුගල්ල දේවස්ථානයේ ඇති ඉපැරැණි ප්‍රතිමාව
ගුරුගල්ල දේවස්ථානයේ ඇති ඉපැරැණි ප්‍රතිමාව

මේ සියල්ල විමසූ විට සනාථ වන කරුණක් නම් ශු.සාවියර් තුමා ආසියාකරයේ දහම් දෙසූ නිසාත්, ලංකාව හා සමග යම්කිසි අන්තර් සබැඳියාවක් පැවති නිසාත්,මෙරට ධර්ම දූත කාර්යයේ ජේසු නිකායික භූමිකාව නිසාත් මෙතුමා පිළිබඳ බැතිය දිවයින පුරා පැතිරී ඇති බවයි.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි