Site icon Catholic ENCY | සිංහල කතෝලික වෙබ් අඩවිය

අතිගරු පීටර් ඒ. පිල්ලේ (නි.ම.නි.) පියතුමා (1904 – 1964)

අතිගරු පීටර් ඒ. පිල්ලේ (නි.ම.නි.) පියතුමා

කයිට්ස් හී පිල්ලේ පවුලේ පුතුන් පස් දෙනාගෙන් සිව් දෙනෙක්ම පැවිදි වූහ. අයෙක් රදගුරු වරය දක්වාම ගිය අතර ඉන් එක් අයෙක් වූයේ පීටර් ඇලකන්තරා පිල්ලේ ය.

වයස 16දී එතුමා කේම්බ්‍රිජ් සීනියර් විභාගය සමත් වන්නේ මුළු බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේම පළමුවෙනියා ලෙසය.

B.Sc ගණිතය උපධිය ලබා පසුව ලන්ඩනයේ දි MA, M. Sc උපාධි ලද එතුමා රෝමයට ගොස් Ph.D හා D.D. යන ආචාර්ය උපාධි දෙකම ලබාගත්තේ ය.

වයස 32 වනවිට මේ සියලු උපාධි ලබා නිම කළ එතුමා නිමල මරිය නිකායික පැවිද්දෙකු ලෙස පූජකවරය ලබා 1936 දී නැවත ලක්දිවට පැමිණ පළමුවෙන් සා. පීතර විදුහලේ ඇදුරු මඩුල්ලට පත්වීම ලබා 1940 දී සා. ජෝශප් විදුහලේ අදියුරු ලෙස පත්වීම ලැබුවේ ය.

අතිගරු පීටර් ඒ. පිල්ලේ (නි.ම.නි.) පියතුමා (1904 – 1964)

1954 දී බොරැල්ල ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කළ එතුමා එකල කොළඹ පදවියේ අනුනායක ලෙසද සේවය කළේය. එතුමා 1964 සැප්තැම්බර් 27දා මේ මහගු මෙහෙවර නිමවා මෙලොවින් සමුගෙන සමිදුන් තුළ සැතපුණේය.

සමාජ සාධාරණත්වය , යුක්තිය , වැඩ කරන ජනතාව , වැටුප් ගැටලු , EPF ආදිය ගැන හඩ නැගූ එතුමා ජාතික වීරයෙක් ලෙස සලකා 1985 මැයි 22 ජාතික වීරදිනයේදි මුද්දරයක් නිකුත් කර එතුමාට උපහාර පුදා ඇත.

Exit mobile version