දෙව් සමිඳුන් හට පින්දෙව
අපව මැව්වෙ දෙව්
තුමා ඉර සඳ හා තාරකාද
මැව්වෙත් එතුමා
දෙව් සමිඳුන් හට පින්දෙව
එළිය මැව්වෙ දෙව්තුමා
රැයද දවාලද අප හට
දෙන්නෙත් එතුමා
එන්න යන්න අපිත් එක්ක දෙව්දු වඳිනටා //
දෙව් සමිඳුන් හට පින්දෙව
පොළව මැව්වෙ දෙව්තුමා
කඳුහෙල් හා තුරුවැල් සැම
මැව්වෙත් එතුමා
දෙව් සමිඳුන් හට පින්දෙව
පොළව මැව්වෙ දෙව්තුමා
සියොතුන් සහ වන සතුන්ද
වැව්වෙත් එතුමා
එන්න යන්න අපිත් එක්ක දෙව්දු වඳිනටා //
දෙව් සමිඳුන් හට පින්දෙව
ජලය මැව්වෙ දෙව් තුමා
ඇළදොල ගංගා සයුරද
මැව්වෙත් එතුමා
දෙව් සමිඳුන් හට පින්දෙව
ජලය මැව්වෙ දෙව්තුමා
ජලයේ හැසිරෙන මසුන්ද
මැව්වෙත් එතුමා