දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය අතරතුර කතෝලික පූජකතුමා එතුමාගේ දෑත් ආවරණය කරන්නේ ඇයි?

දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය අතරතුර කතෝලික පූජකතුමා එතුමාගේ දෑත් ආවරණය කරන්නේ ඇයි?

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගෙන් ආශිර්වාද කිරීම, දිව්‍ය සත්ප්‍රසාද නමස්කාරය, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව ප්‍රදර්ශනය කිරීම මෙහෙයවිය හැක්කේ පූජකතුමෙක්ට හෝ තේවාචාර්‍යතුමෙක් විසින් පමණි.

මෙම උතුම් වන්දනාව අතරතුර, පූජකතුමා ඇතුළු ජනතාවට ආශීර්වාද කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේම ය.

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව වන්දනා කිරීම මුලසුන දරන පූජකතුමා / තේවාචාර්‍යතුමා ජනතාවට ආශීර්වාද නොකරයි. ඔහු දිව්‍ය සත්ප්‍රසාද සක්‍රමේන්තුව වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අල්ලාගෙන මිනිසුන්ට හෙළි කරයි.

එමනිසා, පූජකතුමා මිනිසුන්ට ආශීර්වාද කරන තැනැත්තා නොවන බව හැඟවීම සඳහා, මෙම ගාම්භීර නමස්කාරයේදී ඔහු තම උරහිස් මත වැටෙන පූජනීය වේල් රෙදි කඩකින් තම දෑත් ආවරණය කරයි.

නමුත් මෙම නමස්කාරයේ අරමුණ සඳහා, පූජකතුමා ජේසුස් ක්‍රිස්තුස්ගේ ස්ථානය ආදේශ කිරීම හෝ ගත යුතු නැත, එබැවින් පූජකතුමා තම දෑත් සහ උරහිස් වලින් පහළට ආවරණය කරයි.

ශුද්ධ වූ දිව්‍ය පූජාවේදී ජනතාවට ලැබෙන ක්‍රිස්තුස් වහන්සේගේ කැප කරන ලද ශරීරයට සහ රුධිරයට ආශීර්වාද කරන්නේ පූජකතුමාගේ දෑත් බව මතක තබා ගන්න.

දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදයේදී පියතුමා ගේ දෑත් ආවරණය කිරීමට භාවිතා කරන වැස්ම හියුමරල් වේල් ලෙස හැඳින්වේ.

පියතුමා ගේ දෑත් ආවරණය කිරීමට භාවිතා කරන වැස්ම හියුමරල් වේලය
පියතුමා ගේ දෑත් ආවරණය කිරීමට භාවිතා කරන වැස්ම හියුමරල් වේලය

නලින් තෝමස්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි