බොහොමයක් දෙනා දේවස්ථාන කරා යන මුත් දිව්‍ය පූජාවේ භාවිතා වන භාන්ඩ ගැන ඇත්තේ අල්ප දැනුමකි ඒ අය සදහා මේ ලිපි ගොනුවේ පලමු වැන්න මෙසේ ඇරඹේ.
දිව්‍ය පූජාවේ භාවිතා වන භාන්ඩ
Processional Cross & Candles – කුරුස තිරියස් (කුරුස ශ්‍රී හස්ත සහ පහන් කනු)
- පූජාව ආරම්භයේ පියතුමන් අල්තාරය මතට කැදවාගෙන ඒම සහා නොයෙකුත් ගාම්භීර ශුද්දවූ අවස්ථවන්ගේ පෙරටුව මේවා පූජා සහයක දරුවෙකු හෝ දැරියක විසින් ගෙන යයි.
Thurible & Boat – The Thurible (Censor) – තුරුබලය සහ කට්ටකුමන්ජල් රදවනය
- දිව්‍ය පූජාව ආරම්භයේදි මෙන්ම විවිධ ගාම්භීර ශුද්ධ අවස්තාවන් සදහා දුම් ඇල්ලිමට මෙය යොදා ගනී මෙහි කොටසින් කොටසට විවිධ තේරුම් ඇත.
Cruets and Tray- කොතල සහ රදවනය
- දිව්යරහස් කිරීමට අවශ්‍ය මිදියුශත් වතුරත් බහාතැබීමට මෙය යොදා ගනී.
Chalice – කලිස්පාත්රය සහා උපාංග
- මෙය දිව්යරහස් පිලිවෙත සදහා මිදියුශ බාහාලීමට යොදා ගනී මෙයට වැසුම් කඩක්, පිහදුම් කඩක්, ශුද්ධ වූ ලේන්සුවක් ආදී කොටස්ද ඇතුලත් වේ.
corporal -කොර්පොරාලය
- දිව්‍ය රහස් කිරිමේ පිලිවෙත ආරම්භයේදී අල්තාරය මත එලන සමචතුරස්‍රාකාර කපු රෙද්දකි.
- මෙය ශුද්දවූ ලේන්සුව කියාද හදුන්වයි.
- මෙය ජේසු සමිදුන් මියගිය පසු ශ්‍රී දේහය එතීමට සහා ගල් ලෑල්ල මත තැන්පත් කිරීමට පෙරාතුව එලූ රෙදි කඩ සිහිගන්වයි
Pall – පාල් – වැසුම්කඩ
- සමචතුරස්‍ර හැඩැති මෙය මැද ප්ලාස්ටික් හෝ ලී පතුරකි එය සුදු හෝ රන්පැහැති රෙද්දකින් අවරනය කර සකසා ඇත.
- පාත්‍රයට ඉහල සිට වැටෙන ද්‍රව්‍ය අවහිර කිරීමට යොදා ගනී.
Sacred Vessels – වෙසෙල් – දිව්‍යසත්ප්‍රසාද තැටිය (සත්ප්‍රසාද තලිය)
- දිව්යරහස් කිරිමේ ක්‍රියාවලිය අතර තුර දිව්‍ය සත්ප්රසද වහන්සේ තැබීමට මෙය යොදා ගනී.
Purificator – පිරිසිදු කිරිමේ රෙදිකඩ
- බොදුන් පිලිවෙත අවසානයේ සිබොරියම්, චැලිස්, ලැබුම් තැටිය ආදියේ ඇති සත්ප්‍රසාද කොටස් පිස එකතු කිරීමට හා චැලිස් එක පිසදැමීමට යොදාගන්නා පිස්නාකඩ මෙලෙස හඳුන්වයි.
Ciborium (Ciboria) – සිබෝරියම්
- පූප ආශිර්වාදයට පෙරත් ජනතාවට බෙදාදීම සදහා ආශීර්වාද කල දිව්යසත්ප්රසාදත් සහ බෙදාදීමෙන් පසු ඉතුරුවන දිව්‍යසත්ප්‍රසාද සත්ප්‍රසාද නිවහනේ තැබීමටත් මෙය භාවිතා වේ
Lavabo Bowl & Towel – ලවාබ්බො බදුන සහා අත්පිස්නාව
- පඬුරු ස්පර්ශ කිරිමේන් අපවිත්‍ර වූ දෑත් පූපය ස්පර්ශයට පෙර පූජාප්‍රසාදිතුමන් පිරිසිදු කිරීමට භාවිතා කරයි.
Objects Paten – (පැටන්) ලැබුම් තැටිය
- දිව්‍යසත්ප්‍රසාද වහන්සේ ජනතාව වෙත ලබා දීමේදී පූජාසහයක දරුවා හෝ දැරිය සත්ප්‍රසාද ලබන්නාගේ නිකට පහලින් රදවයි මෙය වෙසෙල් ලෙස හඳුන්වයි.
PYX – ශු. තෛල මංජුසා, pYX මංජුසාව
- රෝගීන් වෙත දිව්‍යසත්ප්‍රසාද වහන්සේ ගෙනයාමේදි සත්ප්‍රසාද වහන්සේ බාහාලීමට භාවිතා කරයි සත්ප්‍රසාද වහන්සේ මෙහි බාහ සුදු රෙදි කඩකින් වසනු ලබයි
සැකසුම – බී එම් චතුරංග
තොරතුරු – අන්තර්ජාලය හරහා