පුන ගැයුම :
දිවි ඇති තුරු මා සමිඳුන් මගෙහි යමී
සමිඳුන් පෑ මඟ මිස වෙන මඟක් නැතී
සමිඳුන්ගේ අණ පණත් පරිපූර්ණ වන්නේ ය
ඒවා මා ආත්මය නව පණකින් පුරවන්නේ ය
සමිඳුන්ගේ අණ පණත් විශ්වාස කටයුතු ය
සරල වූවන්ට එය බුද්ධිය ගෙන දෙන්නේ ය
සමිඳුන්ගේ අනුශාසනා ඉතා නිවැරදි ය
ඒවා හදවත පුබුදුවාලන්නේ ය
සමිඳුන්ගේ නියෝගය ඉතා පැහැදිලි ය
එය දෙනෙතට ආලෝකය ගෙන දෙන්නේ ය
සමිඳුන් වෙත දක්වන ගරු බිය ශුද්ධවන්ත ය
එය අනන්තයට ම රඳා ඇත්තේ ය
සමිඳුන්ගේ විනිශ්චය සත්‍ය වන්නේ ය
ඒවා සියල්ල සාධාරණව පවතින්නේ ය
රත්රන්වලට වඩා ගැති විය යුතු දේ බොහෝ ඇත්තේ ය
සුපිරිසිඳු රත්රන්වලට වඩා ඒවා වෙත
බලාපොරොත්තු තැබිය යුතුය
අමෘතයට වඩා ඒවා පිනා යන්නේ ය
සියළු රසයන් අභිබවා යන්නේ ය