පුන ගැයුම :
දහසකුත් එකක් දේ ඇත
ඔබට කියන්න
අනේ ජෙසුනේ අහන්න
කඳුළු කතාවක් කියන්න
අපේ ජීවිතේ අපේ මාවතේ

ඈත දුරක තනි ඔරුවක ජීවිත සයුරේ
හබල් ගසා පැද යනවා මහ දියගැඹුරේ
පාළු ගතිය රජයනවා රළු රළ පතරේ
තනි නොකරනු මැන සමිඳුනි මා දිවි කතරේ

ලෙඩ දුක් සොර සතුරු වෙසින් මට ළං වෙනවා
හදේ නැගෙන දුක් ගිනිදැල් දළුලා එනවා
ඇදහිලි සිත ඉරි තැළිලා සැක උපදිනවා
සිතට දිරිය දෙන්න ජේසුනේ අයදිනවා

අගහිඟකම් උතුරා ගොස් දෑස තෙමෙනවා
සැනසිල්ලක් පතා ම’සිත කෑ මොර දෙනවා
හද තෙරපෙන පැතුම් හනික බොඳ වී යනවා
සිත කය දුබලව දිවියේ වල්මත් වෙනවා

අසාධාරණය මිනිසුන් තුළ රජයනවා
නිලතල බලවතා සොයා ලුහුබැඳ යනවා
යුක්තිය පාගා ශක්තිය නැගී සිටිනවා
නැති බැරිකම හැම දින බලයට යට වෙනවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *