උරසාවරණය යනු කුමක්ද? (Humeral Veil)
උරසාවරණය (Humeral Veil) යනු පියතුමා හෝ තේවාචාර්යතුමන්ලා උරහිස් මත පළඳින දිගු, සෘජුකෝණාස්‍රාකාර වස්ත්‍රයකි.
“හියුමරල්” යන වචනය පැමිණෙන්නේ ලතින් භාෂාවෙන් “හියුමරස්” යන්නෙන් වන අතර එහි අර්ථය උරහිසයි. එබැවින් එය හුදෙක් උරහිස් මත පැළඳින වැස්මකි. එය සාමාන්‍යයෙන් සුදු හෝ රන්වන් පැහැයෙන් යුක්ත වේ.
එය අනෙකුත් දේව වන්දනාව සඳහා භාවිතා කරන වස්ත්‍ර සකසා තිබෙන රෙදි වලින්ම සාදා ඇත. පියතුමාට හෝ තේවාචාර්යතුමන්ට තම දෑත් දැමීම සඳහා එහි ඇතුළත සාක්කු දෙකක් හෝ නැමීම් ඇත.
එය භාවිතා කරන්නේ කවදාද?
උරසාවරණය ප්‍රධාන වශයෙන් දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද සහ දිව්‍ය සත්ප්‍රසාද පෙරහැරවලදී භාවිතා වේ. එමෙන්ම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ රැගෙන යන අවස්ථාවකදීද මෙය භාවිතා කරයි. මේ පැළඳීමේ ප්‍රධාන අරමුණ ගෞරවයයි.
- දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉතා ශුද්ධ බව පෙන්වීමට – පියතුමා තම හිස් දෑතින් දිව්‍ය සත්ප්‍රසාද කරඬුව ස්පර්ශ නොකරයි. ඔහු තම දෑත් උරසාවරණයෙන් ආවරණය කරන්නේ පියතුමා නොව, ජනතාවට ආශීර්වාද කරන්නේ ක්‍රිස්තුස් වහන්සේම බව පෙන්වීමටයි.
- නිහතමානීකමේ සංකේතය – නායකයා සේවකයෙකු පමණක් බවත්, සැබෑ බලය සහ ආශිර්වාදය ජේසුස් වහන්සේගෙන් සත්ප්‍රසාද වහන්සේ තුළ පැමිණෙන බවත් වැස්ම අපට මතක් කර දෙයි.
- දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට ගෞරවය ලබා දීම – උරසාවරණය ගාම්භීරත්වය සහ අලංකාරය එක් කරයි.
උරසාවරණය යනු දිව්‍ය සත්ප්‍රසාද ආශීර්වාද හෝ පෙරහැර අතරතුර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ රැගෙන යන විට පියතුමා හෝ තේවාචාර්යතුමන් උරහිස් මත පැළඳ සිටින විශේෂ වූ වස්ත්‍රයකි.
එය ඔහුගේ දෑත් ආවරණය කරන්නේ ගැඹුරු ගෞරවය පෙන්වීමට සහ දේව සේවකයාට නොව ආශීර්වාද ලබා දෙන්නේ ජේසුස් වහන්සේ බව ප්‍රකාශ කිරීමට ය.
Community of Rosa Mystica – Sri Lanka WhatsApp චැනලය ඇසුරෙන්
