එක සිතින් එක මුවින්  – කිතු තුමන් පසසමු
ප්‍රේමයෙන් ඉවසුමෙන් – දුබලයන් නඟවමු 

හිමිනැති ප්‍රේමෙට හිමිකම් කීවේ
කිතුතුම මිස වෙන කවුරුදෝ
සැලුණු හදවත් නිසල කෙරුමට
කිතුතුම හට බැරි වේදෝ

විසිර ගියවුන් එකතු කෙරුවේ
කිතුතුම මිස වෙන කවුරුදෝ
බිඳුණු පවුලක් නඟා සිටුමට
කිතුතුම හට බැරිවේදෝ

දුගී යැදුමට සවන් දෙන්නේ
කිතුතුම මිස වෙන කවුරුදෝ
පීඩිත ජනහට සහනය දෙන්නට
කිතුතුම හට බැරි වේදෝ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *