ගී හඬ නගම්න් තුති ගොස පුදම්න්
සමිඳුගේ මැදුරට යමු තොසිනා

සමිඳුනී සුර සේනාවන්ගේ දෙව්දුනී
ඔබෙගේ වාසභවනය කොතරම් දර්ශණීයද

මාගේ ආත්මය ඔබ වාසභවනය වෙත ඒමට
නොඉවසිල්ලෙන් බලා සිටින්නේය

ජීවමාන දෙවියන් හට මාගේ ආත්මයන්
ප්‍රීතියෙන් මොර ගසන්නේය

ඔබ තුළ ශක්තිය රඳා ඇති සියල්ලෝ
ප්‍රීතියෙන් පසු වන්නෝය

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට තුති වේවා
දැනුත් සදහටත් මහිමය වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *