සියල් ජනයනේ තොපගේ – දෙවිඳු වඩින්නේ
නඟා ඔහොයියා හඬගා
අත් පොළොසන් දෙව් රජුනට – දෙවිඳු වඩින්නේ

පිළිගන්නේ තුටු ගොස දී දෙවියන් තොපගේ
අපට ඉහළ වැජැඹෙති ඒ සමිදරුවාණෝ
බියට සුදුසු තරම් වෙතියි ඔවුන් වහන්සේ
මුළු ලොවටැ මැ ඒ සුරිඳෝ එක නා පල්ලෝ

අපට ඕනෑ ලෙසැ රජයන් හිලැ කැරැවුවෝ
විදෙසි දනන් අප පාමුලැ  ඔබා නැමෙව්වෝ
උරුම කොටස විසින් අපව වෙසෙසා ගත්තෝ
ජකෝබු පෙළ නම පියකර කෙරේ පැහැදුනෝ

සියල් ලොවේ රජ්ජුරුවෝ පරම දෙවිසුරෝ
එක නිනාදේ හඬ නංවව් ගයා පසස ගී
විදැ දනා කෙරේ පවා රජ වෙති දෙවිඳෝ
හේළි බැවින් සැදි සුරිඳෝ අසුන් අරන්නෝ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *