විශ්වාස ලක්ෂණය (නිසියානු)

|

එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළොව ද, පෙනෙන නොපෙනෙන සියල්ල ද මවා වදාළ සර්වබලධාරි පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.

එකම සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සැම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූ සේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝ ද, ආලෝකයෙන් ආලෝකය ද, සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝ ද වන සේක. ජනිත වූ නමුත් මවනු නොලැබ, පියාණන් වහන්සේ සමග සමභවත්වයෙන් යුතුව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ මගින් සියල්ල මවන ලද්දේ ය. මිනිස් අප උදෙසා ද, අපගේ ගැලවීම උදෙසා ද, උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළ සේක.

තවද ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙන් කන්‍ය මරියාවන්ගෙන් මාංස ගත වී, උන්වහන්සේ මනුෂ්‍යයා වූ සේක.

උන්වහන්සේ අප උදෙසා, පෝන්සියු පිලාත්තු යටතේ කුරුසියේ ඇණ ගසනු ලැබ, මරණ වේදනා විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූ සේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වන දා උත්ථාන වූ සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව, පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. ජීවතුන් ද, මළවුන් ද, විනිශ්චය කරන පිණිස, උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේ ය.

සමිඳාණන් ද ජීවදායකයාණන් ද වන ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහි ද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ, පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ සමග එකම වන්දනාවත් මහිමයත් ලබන සේක. උන්වහන්සේ දිවැසිවරුන් මගින් කථා කළ සේක.

අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම වූ ද, ශුද්ධ වූ ද, කතෝලික වූ ද සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පව් කමාව සඳහා එකම බව්තිස්මයක් ඇති බව මම විශ්වාස කරමි. මළවුන්ගෙන් නැවත නැගිටීම ද මතු පැමිණෙන සදාතන ජීවිතය ද මම බලාපොරොත්තු වෙමි.  –  ආමෙන් !

මේ හා සම්බන්ධ වෙනත් ලිපි