නික්මයාම පොතෙහි සඳහන් වන දෙවියන් වහන්සේ විසින් මිසර දේශයට එවනු ලැබූ වසංගත ගැඹුරින් අධ්‍යයනය කිරීම් දී ඒවා තුළින් ඉතා වැදගත් කරුණු රාශියක් අනාවරණය වන බව පෙනී යයි.
වසංගත 10
- වතුර ලේ වීම (නික්. 7:24-25)
- මැඩි උවදුර (නික්. 8:1-15)
- කිනිතුලු උවදුර (නික්. 8:16-19)
- මැසි උවදුර (නික්. 8:20-32)
- ගවසම්පත වැනසීම (නික්. 9:1-7)
- ගඩු උවදුර (නික්. 9:8-12)
- ගල් වර්ෂා උවදුර (නික්. 9:13-35)
- පළගැටි උවදුර (නික්. 10:1-20)
- ගන’ඳුර (නික්. 10:21-29)
- කුලුඳුලන් මැරීම (නික්. 11:1-10, 12:29-36)
වසංගත 10 ගොඩනැගී තිබෙන ආකාරය, වසංගත තුළ දක්නට ලැබෙන දෙවියන් වහන්සේගේ සැලැස්ම, ස්වාභාව ධර්මය තුළින් දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ ගැළවීමේ උදෙසා ක්‍රියා කරන ආකාරය වැනි විවිධ වූ කරුණු රාශියක් තුළින් මෙම වසංගත ඉශ්රායෙල් ජනතාවගේ නික්මයාමට ඉමහත් පිටිවහලක් වූ ආකාරය පිළිබිඹු වේ.
වසංගත 10 ය තුළින් පිළිබිඹු වන කරුණු
1) වසංගත දහය අනුක්රමයෙන් උච්චස්ථානයක් කරා ගොඩනැගී ඇත.
- පළමු වසංගතය මෝසෙස් තුමාට මෙන්ම පාරාවෝගේ ඉන්ද්‍රජාලිකයන්ට ද දියත් කළ හැකිව තිබුණි. (නික්. 7:14-25)
- දෙවන වසංගතය මෝසෙස් තුමාට මෙන්ම පාරාවෝගේ ඉන්ද්‍රජාලිකයන්ට ද දියත් කළ හැකිව තිබුනත් එය ඉවත් කිරීමේ හැකියා තිබුනේ මෝසෙස් තුමාට පමණි. ඒ අනුව එය ඉවත් කරන්නේ මෝසෙස් තුමා ය. (නික්. 8:8)
- 3 වන වසංගතය ඇති හා නැති කළ හැකි වුයේ මෝසෙස්ට පමණි. (නික්. 8:16-19)
- මුල් වසංගත 4 න් පාරාවෝද මිසර වාසින්ද අපහසුතාවයට, කරදරයට පත් කරයි.
- දෙවන වසංගත හතරෙන් ජනතාවට සහ දේපළවලට පාඩු සහ විපත් ගෙන දෙයි.
- නවවන වසංගතයෙන් මිසර වාසින් බියපත් කරයි.
- අවසාන වසංගතයෙන් මිසරය සම්පූර්ණයෙන්ම බිඳ දමයි.
2) වසංගත 10 ගොඩනගා තිබෙන ආකාරය තුළ ත්‍රිවිධ සැලැස්මක් ඇත.
- 1, 4 සහ 7 යන වසංගතවල දී දෙවියන් වහන්සේ මෝසෙස් තුමාට අණ කරන්නේ;
- අළුයම ගොස් පාරාවෝ හමු වී ජනයාට පාළුකරයට යාමට අවසර පැතීමට ය.
- ඒ සමඟම පාරාවෝ රජුට අනතුරු ඇඟවීමක් ද කරයි.
- පාරාවෝ ඉවත දමන්නේ නම් ක්‍රියාත්මක කරන්නට යන්නාවූ වසංගතයි.
- 2, 5 සහ 8 වසංගතවල දී;
- මෝසෙස් තුමා පාරාවෝ වෙත යවනු ලබයි. (රාජ මාලිගාවට)
- දෙවියන් වහන්සේට වැඳුම් පිඳුම් කිරීමට යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටි.
- අවසර නොදෙන්නේ නම් සිදුවෙන්න වසංගත පිළිබඳ අනතුරු අඟවයි.
- 3, 6 සහ 9 වසංගතවල දී;
- මෝසෙස් තුමා සම්බන්ධ නොවේ.
- දෙවියන් වහන්සේ සෘජුවම සම්බන්ධ වේ.
- පාරාවෝ රජුට කිසිම දැනුම් දීමක් සිදු නොකරම වසංගත ක්‍රියාත්මක කරයි.
3) සියල්ල කෙරෙහි දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය ක්‍රියාත්මක වේ.
- දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය දෙආකාරයකින් ක්‍රියාත්මක වන බව පෙනේ;
i. වසංගත ක්‍රියාත්මක කිරීමට පෙර යොදා ගන්න ව්‍යවහාරය මගින් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය ක්‍රියාත්මක වන අයුරු පෙන්නම් කරයි.
උදා: “සමිඳාණන් වහන්සේ මා බව ඔබ දැනගන්නා පිණිස” (නික්. 8:22)
ii. දේව අදිපත්‍ය පිළිගැනීමට ඉන්ද්‍රජාලිකයන්ට සහ පාරාවෝ රජතුමාට සිදුවේ:
- තෙවන වසංගතය අවසානයේ ඉන්ද්‍රජාලිකයෝ දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය පිළිගනී. (නික්. 8:19)
- හත්වන වසංගතය අවසානයේ පාරාවෝ රජතුමා දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය පිළිගනී. (නික්. 9:27-28)
4) ජුදා පාස්කු පිළිවෙත් තුළින් මෙම විස්තරය පෝෂණය වී අද දක්නට ලැබෙන ආකාරයට ගොඩනැගී ඇත.
- ජුදා පාස්කු පිළිවෙතේ එක් අංගයක් වූයේ ජුදා විමුක්ති ඉතිහාසයේ මූලික කොටස කියවීම් ය. එය පාස්කු වෘතාන්තය ලෙස හැඳින්වේ.
- එහිදී පවුලේ බාලයා විසින් පවුලේ ප්‍රධානියාගෙන් ප්‍රශ්නයක් විමසනු ලබයි;
“පාස්කු රාත්‍රිය අනෙක් රාත්රීන්ට වඩා වෙනස් වන්නේ කෙසේද?”
- එවිට ප්‍රධානියා නික්මයාම සිද්ධිය නිසා බව ප්‍රකාශ කර, පිඩා 10 සහ ඉන් අනතුරුව සිදු වූ ක්‍රියාවලිය මැනවින් විස්තර කරමින් දෙවියන් වහන්සේ ඉශ්රායෙල්වරු මිසරයේ වහල්සේ වයෙන් මුදා ගත් ආකාරය පහදා දෙයි.
- මෙලෙස වසංගත 10 පාස්කු පිළිවෙත තුළ වාර්ෂිකව භාවිතා කිරීම හේතුවෙන් එය අද තිබෙන තත්ත්වයට ගොඩ නැගී ඇත.
5) වසංගත 10 පිළිබඳ කතා කිරීමට යාවේ, එලොහිම් සහ පූජක යන සම්ප්‍රදායන් තුනම අවශ්‍ය වේ.
- කිසිම දේව ධාර්මික සම්ප්රදායක් වසංගත 10 ම ඉදිරිපත් නොකරයි.
- යාවේ සම්ප්රදාය වසංගත 8 ක් ද, එලොහිම් සම්ප්රදාය 5 ක් ද, පූජක සම්ප්රදාය 5 ක් ද විස්තර කරනු ලබයි.
- සියලු සම්ප්‍රදායන් පළමු සහ අවසාන වසංගතය පිළිබඳ සඳහන් කරයි.
- යාවේ – පාරාවෝ සිත් දැඩි කර ගන්නා විට දෙවියන් වහන්සේ එවීමට යන වසංගතය මෝසෙස්ට දැනුම් දෙයි. නමුත් වසංගතය ක්‍රියාත්මක කරන්නේ දෙවියන් වහන්සේ ය.
- එලොහිම් – දේව ක්‍රියාකාරිත්වය සිදු වන්නේ මෝසෙස් සැරයටිය දිගු කළ විට ය.
- පූජක – දේව ක්‍රියාකාරිත්වය සිදු වන්නේ පූජකයෙකු වූ ආරොන් තුමා සැරයටිය හසුරුවන විට ය.
6) ඉශ්රායෙල්වරුන්ගේ මහා ගැලවීම මනුෂ්‍යයාගේ නොව දෙවියන් වහන්සේගේම ක්‍රියාවකි.
- ගන’ඳුරෙන් පසුව පාරාවෝ මෝසෙස් තුමාට මරණ තර්ජන කරයි.
- එනම් ඉන් පසුව පාවාරෝ සමඟ කිසිඳු ගනුදෙනුවක් මෝසෙස් තුමාට නැත. මතුවට එවැන්නක් කිරීම මෝසෙස් තුමාගේ මරණයට හේතු විය හැකි නිසා ය.
- එබැවින් ඉශ්රායෙල් ජනතාවට ගැලවීම සඳහා මින්පසු කිසිඳු මාර්ගයක් නොමැත.
- එහි ප්‍රතිඵලය වන්නේ කිසිඳු දැනුම් දීමකින් තොරව දෙවියන් වහන්සේ උන්වහසේ විසින්ම දසවන වසංගතය ක්‍රියාත්මක කිරීම ය.
- එය ඵලදායක වේ. එය කරන කොටගෙන ඉශ්රායෙල්වරුන්ට නික්මයාමට අවස්ථාවත් ගැලවීමත් ලැබේ.
7) වසංගත තුළින් මිසරයේ වන්දනාමාන කළ දෙවිවරුන්ගේ පරාජය පෙන්නුම් කරයි.
- සෑම උවදුරක්ම මිසරයේ කිනම් හෝ දෙවි කෙනෙකුගේ බලය නිශේධනය කරයි.
පළමු වසංගතය:
- නයිල් නදියේ ජලය ලේ බවට පත් කිරීම මිසරයේ සමෘදිය පිළිබිඹු කළ නයිල් නදියේ “හෝපි” නම් දෙව්දුවට කරන අභියෝගයකි.
- තවද මිසරයේ ජලයේ සහ ජීවිතයේ දෙවියා වන (ක්හ්නුම්) දෙවියාට විරුද්ධව කරන ලද්දකි.
- තවද මෙම වසංගතය “ඔසිරි” දෙවියාටද විරුද්ධව ක්‍රියාත්මක වේ.
දෙවන වසංගතය:
- මිසරයේ දරු ප්‍රසූතියේ දෙව් දුව වන “හෙකෙත්” දෙවඟනගේ සංකේතය මැඩියා ය. මෙම උවදුර ඇය හෑල්ලුවට ලක් කළ උවදුරකි.
පස්වන වසංගතය:
- මිසරයේ ආකාස දෙවඟන වන “හතෝර්” ගේ සංකේතය එළදෙනෙකි.
- තවද මිසරයේ සශ්‍රීකත්වයේ දෙවියා වූ “අපිස්” ගේ සංකේතයද ගවයා වේ.
- මෙම උවදුරින් එම දෙවිවරු හෑල්ලුවට ලක් කෙරේ.
හත්වන සහ අටවන වසංගත:
- මිසරයේ සුළන් සහ කුණාටු දෙවියා “සෙත්” ය.
- මිසරයේ ජීවිතයේ දෙවඟන “ඉසිස්” දෙවියා ය.
- මිසරයේ සශ්‍රීකත්වයේ දෙවියා “මින්” දෙවියා ය. .
- මෙම උවදුරු එම දෙවිවරු හෑල්ලුවට ලක් කෙරේ.
නවවන වසංගතය:
- “හිරු” හෙවත් “රා” දෙවියන්ට විරුද්ධව කළ වසංගතයකි.
- හිරු දෙවියා “අපෝෆිස් ” මකරා සමඟ සෑම රාත්‍රියකම සටන් කරයි. දින තුනක් පුරා රාත්‍රිය පැවතීමෙන් සූර්ය දෙවිඳුන්ගේ පරාජය පිළිඹිබු කරයි.
දසවන වසංගතය:
- මිසරයේ විශ්චයේ සහ මරණයේ දෙවියා වන “ඔසිරිස්” පාරාවෝ රජුගේ ආරක්ෂක දෙවියා ය.
- කුලුඳුලන් මැරීම තුළින් එම දෙවියාගේ බලය හෑල්ලුවට ලක් කරයි.
එමනිසා වසංගතවලින් මිසරයේ සියලු දෙවිවරුන්ගේ විනාශය පිළිබිඹු කරයි.
8) ස්වභාව ධර්මයේ සිද්ධීන් තුළින් දෙවියන් වහන්සේ මැදිහත් වන සේක.
- මෑතක් වන තුරු වසංගත පිළිබඳ බයිබල් විශාරදයන්ගේ මතය වුයේ ඉශ්රායෙල් ජනතාව වහල් බවින් මුදා ගැනීම සඳහා දෙවියන් වහන්සේ සෘජුවම මැදිහත්ව ස්වභාව ධර්මය වෙනස් කරමින් අභිරහස්‍යමය ක්‍රියා කළ බවයි.
- එහෙත් වර්තමාන මතය වන්නේ දෙවියන් වහන්සේ ස්වභාව ධර්මයේ සංසිද්ධීන් තුළින් ඉශ්රායෙල් ජනතාව ගලවා ගත බවයි.
- ඒ මන්ද යත් දෙවියන් වහන්සේ ස්වභාව ධර්මයද, ස්වභාව ධර්මය දෙවියන් වහන්සේද වන නිසා ස්වභාව ධර්මයේ නීති දෙවියන් වහන්සේම ඇති කළ ඒවා ය
- එබැවින් උන්වහන්සේ ස්වභාව ධර්මය විනාශ නොකරන සේක. නමුත් දෙවියන් වහන්සේ ධර්මයේ ප්රයෝජනයෙන් ජනයාට සෙත සැලසීමට කටයුතු කරන සේක.