ගුවාඩලූපේ අප දේවමාතාවන්ගේ බැසිලිකාව මෙක්සිකෝව
සා.ජුවාන් දියේගෝතුමන්ට 1531 දෙසැම්බර් මස 12 වන දින උතුරු මෙක්සිකෝවේ Tepeyac කදු මුදුනේදි ප්‍රථම වතාවට දේවමාතාවන් දිස්වන අතරම එ අවස්ථවේදි එතුමිය විසින් දේවස්ථානයක් ගොඩ නැගීමට මෙතුමාට පවසනවා.
එවකට ස්පාඤ්ඤය බිශොප් වරයාට මේ බව සැලකලත් ඔහු එය විශ්වාස නොකරන අතර විශ්වාස කලහැකි ප්රාතිහාර්යක් බලාපොරොත්තුවෙනවා. නැවත වතාවක් සා. ජුවාන් දියෝගුතුමාට දර්ශනය වන දේව මාතාවන් වහන්සේ එතුමාගේ පය පාමුල ස්පාඤ්ඤය රෝසමල් පිපෙන්නට සැලැස්විනි.
එවිට එම ප්‍රදේශයට අධික සීත කාලගුනයක් පැවිතිනි. එතුමා විසින් එම රෝස මල් එතුමා විසින් පැලද සිටි ටිල්මා රෙදි කඩෙහි ඔතාගෙන බිශොප් තුමාට පෙන්වීමට ගෙනගොස් රෙදි කඩ ලෙහෙනවාත් සමග එහි වු රෝස මල් බිම හැලිනි.
නමුත් එම රෙදි කඩෙහි දේවමාතාවන්ගේ රුව සිතුවමක් ලෙස මැවී තිබිනි. පසුව 1709 වන විට පසෙකින් දිස්වන පැරණි බැසිලිකාව නිමවා අවසන් කර ඇති අතරම පසුව එම බැසිලිකාවේ අත්තිවාරම ගිලා බැසීම හේතුවෙන් අලුත් බැසිලිකාවක් ගොඩනගන ලදි.
1974-1976 ගොඩනගන ලද අලුත් බැසිලිකාවේ වර්ගප්රමාන 10,000 වන අතරම බැසිලිකාවේ උස අඩි 330 උසින් යුක්තයි.
මෙහි බිම් මහලේ කුඩා දේවස්ථාන 10 ඇති අතර,දේවස්ථානයට පිවිසිමට දොරටු 07 කි. දේවස්ථානයේ ප්‍රධාන අල්තාරයට ඉහලින් දිස්වන්නේ ගුවාඩලූපේ දේවමාතාවන් ප්රාතිහාර්ය පෑ සා. ජුවාන් දියෝගුතුමාගේ ටියුරින් රෙදිකඩෙහි මැවුනු සිතුවමයි.
1921 වර්ෂයේදී මල් බදුනක බහා අල්තාරය අසල තබා බෝම්බයක් පිපිරී ගොස්තිබු අතරම ප්රාතිහාර්ය නම් කිසිදු ආකරයකටවත් මෙම සිතුවමට හානියක් නොපැමිනිමයි.
මුලු දේවස්ථානයම වීදුරු කඩා වැටුනත් අල්තාරයට පසෙකින් තිබු ජේසුතුමාගේ කුරුස පත් ප්‍රතිමාව උනුවී විනාශ වුවත් ගුවාඩලූපේ දේවමාතාවන්ගේ සැබැ රුව සිතුවම් වු ටියුරින් රෙදිකඩ වටා ආරක්ශාවට තිබු විදුරු රාමුව වත් විනාශ නොවිමයි.
ඉන්පසුව දැඩි අරක්ශාව යටතේ වෙඩි නොවඩින වීදුරු රාමුවක සිතුවම බහා තැබීමට කටයුතු යොදන ලදි.ගුවාඩලූපේ දේවමාතාවන් වහන්සේගේ මංගල්‍ය දෙසැම්බර් මස 12 වන දින සමරනු ලබයි.