ගයව් ගයව් සමිඳුන් හට අලුත් ගී ගයව්
සියලු දෙරණ සමිඳාණන් ගීයෙන් පසසව්
ඔවුන් වහන්සේ නමට සෙත් පතා
සමිඳුන් හට කියව් ගීතිකා
පුන ගැයුම :
ඔවුන් වහන්සේ නමට සෙත් පතා
සමිඳුන් හට කියව් ගීතිකා //
එදින් එදා එතුම දුන්න උදව් පළ කරව්
ජන රැස් හමුවේ එතුමන් මහිමේ දන්නව්
සියලුම ජනතා ඉදිරියේ කියව්
එතුමන් පෑ අරුම පුදුමතා