උදෑසන යාච්ඤාවේ ඇති වැදගත්මක පිළිබඳව මෙම ලිපික් කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එමු.
1) යක්ෂයා මුණගැසීමට පෙර දෙවියන් වහන්සේව හමු වීම නිසා උදෑසන යාච්ඤාව ඉතා වැදගත් වේ.
2) ජීවිතයේ අවශ්‍යතාවයන් සපුරාලීමට පෙර ඔබ දෙවියන් වහන්සේව හමු වන්න.
3) මිනිසුන් සමඟ කතා කිරීමට පෙර ඔබ දෙවියන් වහන්සේ සමඟ කතා කරන්න.
4) අන් අය සමඟ ඔබේ සහභාගිකමට පෙර දෙවියන් වහන්සේ සමග සන්නිවේදනය කරන්න.
5) පොළොවෙන් ප්රවෘත්ති ලැබීමට පෙර ස්වර්ගයේ සිට එන පනිවිඩයට ඔබ සවන් දෙන්න.
6) ඔබ මනුෂ්‍යයන් ඉදිරියෙහි වාඩිවිමට පෙර දෙවිදුන් ඉදිරියෙහි වාඩි වී සිටින්න.
7) ඔබ මිනිසුන් ඉදිරියෙහි වැඳ වැටී නොසිටින්නට දෙවියන් වහන්සේ ඉදිරියේ දණින් වැටී සිටින්න.
8) මිනිසුන්ට ගෞරව කරන්නට පෙර ඔබ දෙවියන් වහන්සේට ගෞරව කරන්න.
9) ඔබ මනුෂ්‍යයින් ඉදිරියට යාමට පෙර, ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇතුල්ව සිටින්න.
10) ඔබේ ශරීරය පෝෂණය කිරීමට පෙර ඔබේ ආත්මය පෝෂණය කරන්න.
11) ඔබ ලෝකයේ වෙනත් කුඩා නාමයන් ඇමතීමට පෙර විශ්වයේ අති ශුද්ධ වූද බලවත් වූද නාමය වන දෙවිඳුන් අමතන්න.
12) මුලින්ම ඔබ දර්පණ දෙස බැලීමට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙස බලන්න.
13) ඔබේ නිවස අතුගා දැමා පිරිසිදු කිරීමට පෙර ඔබේ අපිරිසිදු සිත ස්නානය කරන්න.
එබැවින් ආදරණීය මිතුරනී උදැසන අවදි වන්න, ඔබගේ දෙවිදුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග සන්නිවේදනය කරන්න.
යාච්ඤාව යනු ප්‍රබල ආයුධයකි. මෙම ආයුධ ඔබේ අතෙහි පවතින අතර එහි බලය ඔබේ මුඛයෙහි තිබේ. එබැවින්, නැඟිටින්න, යාච්ඤාවේ බලය පාවිච්චි කරන්න, ඉහළින් බලය ඔබට ලබා දෙනු ඇත.
උදෑසන නැඟිට යාච්ඤා කිරීම, දෙවිදුන්ගේන් බලය සහ කරුණාව ලබා ගැනීමට, සාර්ථක වීමට, ප්‍රබල රහසකි.
අපේ ජීවිතයේ සෑම දිනකම පළමු ස්ථානයේ දෙවියන් වහන්සේව තබා ගැනීමේ පුරුද්දෙන් පුරවා තබාගන්නා පිනිස අපගේ ආදරණීය මිතුරන් සමඟ මෙය බෙදා ගන්න.