අහෝ දයාබර සෙනෙහෙවන්ත මෑණියනී, ශ්‍රී ලංකා රාජේශ්වරිය හා අප ආරක්ෂිකාවෙනි මේ තීරණාත්මක මොහොතේ දී අප නිහතමානීව, බැගෑපත්ව අයැද සිටින මේ ඉල්ලීමට සවන් දුන මැනව.
දයාබර මෑණියෙනී, යුද්ධ සංග්රාමවලදී හා අනේකාකාර අනතුරුවලදී ඔබ අප සහයට වැඩියා නොවේද? ඔබගේ ඒ නොවෙනස් ප්‍රේමයෙන් අප අතර මුල් බැස ඇති බද්ධ වෛරය හා ප්රචණ්ඩ ක්‍රියා පලවා හැරිය මැනව.
අප රටේ ප්‍රේමය හා ධර්මිෂ්ඨකම රජ කරන රාජ්‍යයක් ගොඩ නැගීමට අපට සහය වුව මැනව. පෙම්බර මෑණියනි, ඔබ අප කෙරෙහි ඇති නොවෙනස් අචල ප්‍රේමය හා දයානුකම්පාව නිතර සිහිකරමින් ඔබේ සෙනේබර ආරක්ෂාවට අප රට වැසි සියලු ජාතීන් ඔබට බාර කරමු.
අප සමාජය තුළ සහෝදරත්වය, සාමය හා එකමුතුකම ගොඩ නැගීමට අපට සහය වුව මැනව. අප රටෙහි සියලු දෙනා එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් ජීවත් වීමේ භාග්‍යය අපට ලබා දුන මැනව.
ආමෙන්.