සාර කෙතේ තිරිඟු කපා අටු පුරවාලා
තිරිඟු කොටා පිටි සදලා පූප තනාලා
දහදිය ශ්‍රම කය සිත සැම එයින් නහවලා
පුදනෙමු අපි මනු දිවියත් පූපෙට හරවා

පුන ගැයුම :
ගන්න අපේ පඬුරු සකල දෙවිඳුනේ
දෙන්න ඔබේ වරම් අපට අද දිනේ //

මිදි උයනේ මිදි වවලා පොකුරු පිරීලා
ඒ මිදි ගෙන රස කරලා මිදියුෂ සදලා
ප්‍රීතිය සහ දුක සැප යන හැඟුම් මුසුවෙලා
පුදනෙමු අප මනු දිවියන් මිදියුෂ කරලා

පුදසුන මත පඬුරු තබා බැති පෙම් පාලා
සොයුරන් හා එක් වෙමු අපි වරමක් ඉල්ලා
පූපය සහ මිදිරස ඔබ පුතුගෙ සිරුරටා
හරවන මෙන් අප දිවියන් කැපවෙන ලෙසටා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *