සියෙනා හි ශාන්ත කැතරින් මුනිතුමියගේ හිස

මෙම ලිපියෙන් කියවෙන්නේ සියෙනා හි ශාන්ත කැතරින් මුනිතුමියගේ හිස පිළිබඳව කතා පුවතයි.

ක්‍රි.ව 1347 මාර්තු මස 25 වන දින සියෙනාහිදි නිවුන්නු ලෙස මෙලොව උපත ලැබු එතුමියගේ නිවුන් අනිත් සොහොයුරිය උපතේම මිය ගියාය. එතුමියට වයස 28 දි පලමුව ජේසුගේ ශ්‍රී වන කැලැල් සලකුනු ලැබෙනවා.

මෙතුමිය මිය යන්නේ වයස 33 දි රෝමයේදීය. එනම් වර්ෂ 1380 අප්‍රෙල් මස 29 වන දාය. එතුමිය “පල්ලියේ දොස්තර “නමින් හැදින්වීමට පටන්ගත් පලමු ශුද්ධවන්තියද වනවා.

එතුමිය මාධ්‍යවේදීන් ගේ ගත්කතුවරයන්ගේද, යුරෝපයේද සාන්තුවරියයි. යුරෝපයේට කැපකල සාන්තුවරුන් හයදෙනාගෙන් එක් අයෙක් වන්නෙද එතුමියයි.

සියෙනා හි ශාන්ත කැතරින් මුනිතුමිය
සියෙනා හි ශාන්ත කැතරින් මුනිතුමිය

මෙහි ජයාරූප වලින් පෙන්නුම් කරන්නේ ශාන්ත කැතරින් තුමියගේ හිසයි. එය දැනට තැන්පත් කොට ඇත්තේ සියෙනා හී සාන්ත දොමිනිකෝ දේවස්ථානයේය. එතුමිය ස්වර්ගස්ථවූ පසු එතුමියගේ දේහය සියෙනයට භාර දෙන ලෙස ජනයා ඉල්ලීමක් කලා.

නමුත් රෝමයේදි මෙතුමිය ස්වර්ගස්ථවූ නිසා එම ඉල්ලීම ඉටු නොවෙන බව තේරුනු සියෙනේ ජනතාව ඊට උපක්‍රමයක් කල්පනා කලා.

ශාන්ත කැතරින් මුනිතුමියගේ හිස
ශාන්ත කැතරින් මුනිතුමියගේ හිස

පසුව එතුමියගේ දේහය තන්පත් කොට ඇති රෝමයේ දේවස්ථානයට ඇතුලුවී එතුමියගේ හිස වෙන් කොට කඩදාසි බෑගයක දමාගන රැගෙන යන අතර ආරක්ෂක යන් විසින් මෙම බෑගය පරික්ෂාවට ලක් කරන අතර ව්හිදි එම බෑගය අත දරා සිටින පුද්ගලයා සාන්ත කැතරින් තුමියට යාච්ඤා කරන්න පටන් ගන්නවා.

ආරක්ෂකයන් බෑගය නිරීක්ෂණය කරද්දි ඔවුන් දකින්නේ දහස් ගනන් රෝස මල් පෙති පමනක් එහි ඇති බවකි.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *