ලබා ඔබේ ඇරැයුම් සමිඳේ
ආවෙමු සාදෙට අපි මෙදිනේ
මංගල ඇඳුමෙන් සැරසී
තෙල් පිරුණු පහන් දල්වා //

පඬුරු පිණිසැ නෑ කිසිත් ගෙනාවේ
තෑගී බෝග ලෙසැ අතට ඔබේ
පිරිසිදු හදවත් දෙමු අපගේ
අප නිවසේ දොර ඔබට ඇරේ

මඟුල් බොදුනකට අප කැඳවාලා
අපේ වතට වතදී අමතා
“මෙන්න දේව අජ බාලකයෝ
මෙන්න ලොවේ පව් අරින්නණෝ ”

මංගල මේසෙට සමිඳාණන්ගේ
යන ඔබටැත වාසනා ගුණේ
ඔබෙ දසු මා නම් සුදුසු නොවේ
එකමැ වදනකින් මා සුව වේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *