පුන ගැයුම :
රැගෙනෙමි මා සතු සියලුම දේ
පඬුරු කරන්නට මේ යාගික මොහොතේ

මගෙ මුළු දිවිය ද, මගෙ දුක් කඳුළු ද
මගෙ ශ්‍රම ශක්තිය මා සතු ජීවය
පඬුරක් කරමින් ආසිරි පතමින්
පිළිගන්වමි දැන් බැති අදරින්

මගෙ ආදර මව් බිම සිරි ලක් බිම
එහි වසනා සැම වැසියන් සමගින
පුදනෙමි ඔබ හට මෙදින සැමමා
පිළිගන්නකො දැන් ඔබට පුදම්

මගෙ මව්පියො හා මගෙ නෑ සියලුන්
මගෙ හිත මිතුරන්, මගෙ හැම සතුරන්
පඬුරක් කරමින් ආසිරි පතමින්
පිළිගන්වමි දැන් සුහද සිතින්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *