මල් සුවඳේ නැගලා
එමි මම ඔබව සොයා
තරු වැල් බැඳ ගෙන
ඉර හඳ ඇද ගෙන
බබළා ඔබව සොයා
මී දුම හා මුසුවී
එමි මම ඔබව සොයා
එතු මී වදයේ – පැණි ගෙන උදයේ
එමි මම ඔබව සොයා
කුරුළුන් කැදලි සොයා
ඉර නැති සැන්දෑවේ
යනසේ එමි ඔබ – එමි මම යමි ඔබ
හිමි පා ඔබව සොයා
මගේ මල් දිවිය නෙලා
මසුරන් බඳුනක ලා
සුවඳ ලාටු හා පරාග එහිලා
ගෙන එමි ඔබව සොයා