දෙවිඳුනි ඔබ හට වඳිනු සදා
ඔබ පුතු පඬුරම පුදමු මෙදා
දිවි දෙන පූපය මෙන්න අපේ
මිදිරස සිරිලෙය ගන්න පියේ
දෝතට අරගෙන පඬුරු කරන්නට
ඔබ වෙත රොක් වෙමු ජය ශ්‍රී පතුරා
රස පැන් මිදිරස හා මුසු වී
මනු බව සඟවයි දේව බවේ
ජේසුනි හද තුළ අප සඟවා
දෙවි දරු කරන්න පවින් මුදා
දිවි දෙන පූපය මෙන්න අපේ
මිදිරස සිරිලෙය ගන්න පියේ
සැම රසයෙන් ගෙන මිදිරස බේරා
ආවෙමු පුදනට පූපය තනවා
දෙව්බව දක්වමු ලොව සැමටා
හොඳ හිත පාමින් දෙවි පිනෙනා