දෙවිඳුනි එමි මම පුදසුනටා
ඔබගේ සේවෙට කැපවෙන්ටා
පිළිගෙන මගෙ දිවි මිනිස් බවේ
දිරිදුන මැන දිවි ඇරඹුමටා

අන් ඇස් සංදරෙහිඋසස් වුවත්
එලෙස ම’සිතේ නොම වේවා
මහතුම් උස්තැන ඔබ සමිඳේ
මම ඔබේ අබලවු සේවකයා

සේවයෙ ඔබේ දිවි අද ඇරැඹේ
ඇනුම් බැනුම් ගෙරවුම් සිකුරුයි
සමිඳේ ඔබ මේ වින්ද බැවින්
නැත කිසිදා පසුබට වන්නේ

මව් පිය සොහොයුරු සොහොයුරියෝ
අත හිත දුන් සොඳ ගුරු මිතුරෝ
ලබැඳිව ජීවය රුව කෙරුවෝ
ආසිරි දේවා දෙවි සමිඳේ 

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *